Pages

Tuesday, May 29, 2012

ආදරෙ


අහන් ඉන්න මගෙ
හද ගැහෙන හඞ
එක හිතයි මට
තියෙන්නෙ .....
නුඹ ගැනයි හිත
අහන්නෙ ...

බලා ඉන්නෙ මගෙ
ඇස්‌ දිහා නම්
එක රුවයි නුඹ
දකින්නෙ
නුඹෙ රුවයි

ගංදියේ දිග


මේ ගංදියේ මා ..........
සැනසුම් සුසුමන් හෙලුවා....
රැ සිතෙලෙන් ගත් ........
උණුසුමින් තෙත් වුණා ......

පහලින් ඇද ගෙන...
වැටෙනා බිංදුව ....
දෝතින් ගත් ගග ....
නහවලා ..............

පසුතැවීම


අවුකන සුදුබුදු රැස්කඳ
කලා වැවේ දිලිසෙන විට
අවුකන බුදු සමිඳුනි මට
කල වරදට සමාදෙන්න

පිය සෙනෙහස අඹවාලූ වැව් බැම්මේ හැපී බිඳෙන
සුදු පෙනකැටි වගේ මසිත සැමදා මහ දුකින් පෙලන

අවුකන සුදුබුදු රැස්කඳ
කලා වැවේ දිලිසෙන විට
අවුකන බුදු සමිඳුනි මට

මාව මතක මට විතරයි

කඳුලක් හෙලන්න මා වෙනුවෙන් 
සුසුමක් නගන්න හද පතුලෙන්
ලගම හිටියේ මට ඔබ විතරයි
පනත් තිබුනේ මගේ ඔබ ලගමයි
මතක නැතුවා වාගේ
මතක නැතුවා වාගේ
දැන්නම් හිදින්නේ වෙන අතකයි
මාව මතක දැන් මට විතරයි

Vinod Munasingha

හිරකාරියක්

පීඩන අවපීඩන දැන් මතු වෙලා .....
දහසක් ඇය මල් මැද තනි වෙලා......
අගුල දාපු එකාට දැන් බැන බැනා .....
හිරකාරිය කුඩුවේ දැන් සැතපිලා .....

යන්නට දුන්නොත් යනවා වෙන දිහා ......
පාරක් දෙන්නම් ඇවිදන් යන දිහා ....
බලාගෙනම අඩියක් තිය තියා ......
රැකගන්නම් හිරකාරිව සදා ....

Sunday, May 27, 2012

වික්ෂිප්ත

අවසන් පදයත් ලියා
අවසන්ම කරදැමු
කතාවක මෙතැන්සිට
ලියන්නට කියයි සිත.......
දුකම සලකුනක් කල
සුසුම සටහනක් කල
තැවුල මතකයක් කල
පුරැදු දුක් කතාවක්
ලියන්නට..මෙතැන් සිට.....
විටෙක පසුබාන සිත

මල් කෙල්ලක් දුටිමි

ගිනි ගහනා අවු රස්නෙට
දිලිසෙන දිගු නෙතු සඟලට
කඳුළු බින්දු බර වැඩියිද
කියාපන් උමා,,,,

මල් වට්ටිය නුඹේ උනාට
කාසි අහුර මගෙ උනාට
නුඹයි මමයි දකින හීන
එක වගේ තමා,,,,,

නුබේ ලග මා

මේ කොපුල මේ නලල
සෙමෙන් සිපගනිමි මම්
ඔබේ දෙනෙතට එබෙමි
එතුල මම, මා සොයමි
මුදු දෙතොල වෙත නැමෙමි
උනුසුමට වසඟ වෙමි......
සියොලඟම සසල කල
සිහිනයක මම වෙලෙමි

සමාව

ලොවටම වරදකාරී අයෙකු
එක් අයෙකුට පමණක්
සදාකාලිකවම නිවරැදි වීම....




Nishadi Wockrama

නුබ මටනම්

සමාවෙන්න මට
අනාරාධිතවම ගොඩවැදුනට
නුඹේ ජීවිතයට..
අමුත්තෙක් උනාට
මාව නුඹට
ආත්ම ගානක් තිස්සෙ
ළඟ හිටිය වගේ
හුරුයි මට නම්

දුක්ඛාන්තයේ සිට

හඬද්දී දෑසේ කඳුළු පිසින්නට
ළඟ උන් දෑතින් ඇහැට අනිනකොට
පුපුරා යාවිද බියෙන් වගේ සිත
ගල් ගැහුනා හද ගැස්ම මුලාකර

කඳුලටවත් වාවනු බැරි මේ දුක
ගලා ගලා ඇත කඳුළු නිමාකර
කඳුළු කොයින්දෝ තවත් අඩන්නට
ලේ වැගිරෙයි දැන් නෙතින් බයයි මට

සරාගික

ඒ නෙතම ඒ තොල්ම
ඒ බැමම ඒ නැබම
සරාගික රස පිරැන
දිවා රෑ පෙම් කෙලන
අකිකරැ සිතින් විඳි
හැඩකාර මේ වතම
විඳින්නට මානයක්
මතුවෙලා අන් රසක්
මුලුහදම තෙත් වෙලා

විපරිත මම

සැනසුමක් සැමදා විදවපු ....
නොනිමි වලකුලේ ..........
පැහැසර මා විසින්ම .....
බින්දෙමි අද දිනේ .......

නොකිලිටි ඒ වලකුලෙත් ......
ඇ හද පුපුරා ගලමින් .....
ගැලුවා සුනාමියක් ,,,
තෙමෙමින් ගියා කදුලැල්....

නුබේ හිතේ ඇති හසරැල් ....
දියවී ගිය ඒ පසරැල් ........

මේ කවිය ඔබට

පියාසර කරමින් විශ්වයම
සොයා නෙක රස මුසු තැන්
එකම ගීයක් ගය ගයා මිහිරිව
සිනාසුනු කිරිල්ලිය ඔබ නේද....

සැර සුළන් මුහුඳු බඩ
ගසාගෙන හරහට අත්තටු
පාවෙලා යද්දි තැන තැන
දේස දීපංකරේ ඇවිද්දේ ඔබ නේද.....

වැදෑමහ දිගේ එල්ලීගෙන
යටි බඩම හූරගෙන ආ උන්
සුරැක්කේ කූඩුවේ හංගගෙන
එකම රන් කිරි නොමකිරා දී නේද.....

තටු පෙගුන මුරුගසන්
කඳුළු වරුසාව මැද
දෝත පා සීතලෙන් ගැහෙන උන්
තටු යටට ගත්තේ ඔබ නේද.....

සංහිඳක මහ නුග ගසක රැකවල්
අහිමි වුන දා වටකරන් පොදියෙ
කොටන කපුටන් එළව එළවා
ගී කියන්නට හුරු කළ කෙවිලියම නේද.....

සත් පත්තිනි වරම් අරගෙන
තුන් තිස් කෝටි දෙව් බැල්ම හෙලාගෙන
උඩු ගං බලා පිහිනමින් දියඹ දිරියෙන්
ගිම් නිවාලන්නට නොසිතුවේ ඔබමයි නේද....

යටි ගිලිණු මහළු නෙත් තවමත්
නොපියා විමසුම්ව
සෙත් පිරිත මතුරන
උත්තම මහේෂිකාව ඔබම නේද.....





දිනිති දීපිකා

මගේ අහස

කලබල කරන 
වළාකුලක
සැඟවී ගත් 
සඳවතිය
නිදි බරිත
තරු වැල් හා එකවැ
මුකුළු කරන
සඳ........

මිදී ගත්
වළාපට
ඉහල
අහසට ගොසින්

ආදර කුසුම

කාටත් හොරා හදේ පිපුන
ආදර කුසුම ඔබගේම බව
සුවඳ හමන්නටත් පෙර
දැනගත්තේ කෙසේද නුඹ....

හිරකාරියක්

පීඩන අවපීඩන දැන් මතු වෙලා .....
දහසක් ඇය මල් මැද තනි වෙලා......
අගුල දාපු එකාට දැන් බැන බැනා .....
හිරකාරිය කුඩුවේ දැන් සැතපිලා .....

යන්නට දුන්නොත් යනවා වෙන දිහා ......
පාරක් දෙන්නම් ඇවිදන් යන දිහා ....
බලාගෙනම අඩියක් තිය තියා ......
රැකගන්නම් හිරකාරිව සදා ....

නුබ මල නම් මි මැස්සෝ එන නිසා .....
බයක් තිබේ රැවටේදෝ නුබ කියා .........
රැකගෙන දීලා ඒ මල මම සදා .......
නිදහස් බව දෙන්නම් නුබ මල නිසා .......

හිරකාරිය දුක් කාරිය දෙනු මැනේ.....
ඇඩුවොතින් දරුණු වෙන්නේ නුබ නොවේ ......
සැනසීමක් ඔබ තුල නැති බව දුටු බැවින් ......
කිමද කදුළු ගංගා මේ ඇස් දෙකෙන් .....

නාඩන කදුලැල් දැන් ඇඩුවා ඇති ඉතින් .......
නුබ ඇඩුවා කියා නිදහස් නම් නෑ ඉතින් ....
යන දවසට දෙන්නම් ඒ නිදහසින් ...
නුබ යනු මැන එතකොට සියෝතෙකු ලෙසින් ...



Keshan Wasala

මම

බිඳුණු සිත
බිඳුන සිහින
බිඳුණු සුපැතුම්
මැද,
අදටත් නොබිදුනු මම!!!!

කුහක ගතිය

සිත තුලම
ලැගුම් ගත්
කුහකගති
මතු වෙද්දි...

කියන්නට
කිසිත් නැති
අසන්නට
කෙනෙක් නැති...

වියරුවෙන්
පුම්බවා
කාමරය තුලම
නිති...

නුබ මගෙයි ඔබ

මගෙ හිතට හොරෙන්
නුඹ හිතම .... අරන්
හිතපුරා දුක තියා
ඈතටම ගිහින් ....

මිතුරියක්‌ වගේ
ඉන්න බැහැ මගේ
හිතපුරා නුඹ ඉන්නෙ
සොඳුරියක්‌ වගේ

සමුගතිම් ඔබේ හදවතින්

දිදුල නුඹ ගැබ
වසා පතුරා අඳුරු හෙවනැලි
අනෝරා වැහි ඇදහැලෙන විට ..........

මහා හයියෙන්
කෑගසා නුඹ හඬා වැටුනා
දුටිමි පියවුණු නෙත් වලින්.........

හදවතේ නොම රැඳුන සුසුමක්
හිස් අවකසට ගලා යනවිට
නුඹ අතැර පිටවෙන්න වෙන වග

මගේ දුක

මා ලමැද උනුසුමට
එබි තුරැලුව ඉන්න
ඔබේ දුක පවසන්න
කඳුලු බිඳු වගුරන්න
ඔබේ දුක තුනිවන
තුරැම වැලපි ඉන්න
සෙමෙන් පිරිමදින්නම්
අක්බමරැ කෙහෙරෑන
ඔබේ දුකින් මිදුන දින

මට ඕනි

මගේ ආදරේ තරම
ඔබේ සවන්පත්වලට මුමුනන්න
ඔබේ හද ගැස්මේ රාවය
මාදැයි ලයට කන් යොමන්න
නුඹේ හදේ ආදර උණුසුමට
හැමදා ගුලි වී ඉන්න
මගේ සෙනෙහසින් ඔබේ දිවිය
සතුටින් සරසන්න...

නොසන්සුන් මම

නොසන්සුන් බව පිරැන
නොසන්සුන් ලෝකයක
සන්සුන්ව සිටින්නට
සංසුන්ව වෙර දරමි......
නොසන්සුන් සිතිවිලිද
නොසන්සුන් හැඟුමන්ද
නොසන්සුන් පැතුමන්ද
ගල්වෙලා යාවිනම්
නිසංසල නොවුවත්
මගේ සිතත් ගල් වෙලා......





පරණ ලියනගේ තිලක් දයාසිරි

Saturday, May 26, 2012

උණුසුම් විරාව

හිම සීත මුදු පින්න...
තණ පියස සිප ගන්න...
මුදු සුමුදු සඳ කිරණ....
සිඳු රැල්ල හැඩ කරන...
හත්දින්නත් තරු ගොන්න...
ආකහේ නිදි කිරන...
ලා පැහැති මද අඳුර...
හත් පස වෙලා ගන්න...
මුදු සීත පවනැල්ල...
තුරින් තුර හැඩ කරන...
නිසංසල රාත්‍රියේ...
මුළු ලොවම නිද් ගත්ත...

බොදවුණු සිහිනය

ඉපල්වුණු තුරු මුදුන්
මල් කැකළු දරාගෙන
වියළි මුදු හරිත කොළ
ගස වටා තිබෙනවා...

ඒ හරිත කොළ ටිකම
පොහොර පස් වී ගසට
යළි යළිත් මල් කොළත්
ඵලත් හට ගැනෙනවා..

දුර ඈත දුවන් ගිය
මුල් පෙලක ශක්තියෙන්

Thursday, May 24, 2012

දූ මැණික

සුදු ගවුම ගත දවටලා
කැරලි කොණ්ඩය පීරලා
පොත් මිටිය ගෙන පා වැඳලා
යහගුණය මට පෙන්වලා
දියණි යයි විදුමව සොයා ...

මුව පැටකු සේ අහිංසක කිරිල්ලි
පාසල් බිමේ ජය කෙහෙළිය නන්වන්නි
හිත ඇදී සේම රන් දියණිය දිලිහෙන්නි
මා මවු උනේ පෙර පිනකට හගවන්නි

කුඹල් ගෙය

පියාඹා දුර ඈත
ගතසවිය සිතසවිය
දහදියෙන්
දියකොට
සොච්චමෙන් සොච්චම
එකතුකොට
ගොඩනැඟූ

මගේ කදුල

අහිමි පෙමකට හඬන සිත මගේ 
සනසවන්නේ කෙලසින්ද සබඳ ...
මදෙස නොබලන සොඳුරු ඇස දෙක 
විඳගන්නේ කෙලෙසින්ද මම....
නිතර සවනත ඇසෙන නුඹේ හඬ 
දුකක්මයි මා සිතනු කෙලෙසද..
අනේ මා හඩන්නම් කුමරුනේ
නුඹ දැක දැකම...

නුඹ මගෙ

ආදරේ මේ වගෙයි
කියා දුන්නේ නුඹයි
තනි කමයි පාලුවයි
ගෙනත් දුන්නෙත් නුඹයි
මියන තුරු හිත පුරා 
ඉන්නේ නුඹ විතරමයි
නොලැබුනත් අයිතියක්
හැමදාම නුඹ මගෙයි...

හද කිතිය

එබෙන කල සඳ එලිය
වලාකුලු මෑත්කර
යලිත් දි සිලිසිලිය
සැලෙන ගහකොල සිරිය.......

බස්සෙක්ගේ හුම් මිටිය
සසල කරවන ගතිය
යලිත් සිහිපත් කරයි
ජිවිතයේ කල එලිය.............

වැඩ බලන අම්මා වුයෙමි

ඉවිලි පිහිලි
අතු ගෑවිලි අස්කෙරිලි
හේදිලි වැනිලි,
එක දවසින් මාව
හෙම්බත් කරපු මේ දේවල්
අනේ අපේ අම්මා
තුන්සිය හැට පස් දවසෙම
හිනා වේගන කරන ලස්සන,,,,


Wednesday, May 23, 2012

සුසුම් උණුසුම් ආදරේ

ජීවිතය නම් මේ වගෙයි....         
වෙලෙන්නට තව තව සිතෙයි 
නුඹව මගෙමයි මට හැඟෙයි
සොඳුරු නුඹ මගේ ආදරේ ...
දැනෙන හැඟුමන් පිටාරේ 
නුඹව දැනුනා මේ ලෙසේ
බවෙන් බවෙට නුඹ ආ හැටි
දැනෙයි පපුවට උණුසුමින්......

මගේ ආදරය

අහිමිබව දැන දැනම
පෙම් කලේ මා නුඹට
වරදක්ද කියනු මැන
එය එසේම නම්
දෙන්න දඬුවම්
විඳගන්නෙමි හද පුරා තුටින්
ඔබ වෙනුවෙන් මට
කළහැකි යමක් මෙන්ම

ලොවට හොරෙන්

අපේ ලොවට එලිය අරන් 
මගේ පුතුනේ නුඹ ආවා..
නුඹේ ටිකිරි හිනා පොදින් 
මගේ ලොවම වට කෙරුවා...
මට මතකයි අපි දෙන්නා...
හැන්දෑවට උයන් තෙරේ
අත් අල්ලන් පිය මැන්නා..
නුඹේ පා පොඩි පුසී පැටව්
පසු පස්සේ දිවයන්නා
සිනිඳු කම්මුලක් මාවෙත

කම්මැලිකම

යමක් තේරුම් ගන්නට
වෙලාව ගත වේ යැයි දැනේ නම්
තේරුම් ගැනීම අත් හැරීම....


Nishadi Wickrama

ඔබට

වසා දොරගුළු නොඉමි මම දැන්
එබෙන්නට හැක නැත පමා ඔබ
ඇසිල්ලෙන් සිත බිඳි කාරණා 
කිමද ගලපන් හිත් වේදනා

රංචු ගැහිලා රිද්දනා නල
හෙලනවා විමසුමක් ලංවෙලා
රිද්දලා හිත දුරක ගිය ඔබ
එන්න ආයෙත් නැහැ පමා තව....

Tuesday, May 22, 2012

පරවෙච්ච බුලත් විට කෙල්ල

මරදානෙ 
කෝච්චි පාලම යට
නිරන්තර හමන
ගන්දස්සාරයට
නාස් පුඩු හැකිලුනා..

යන එන මගියන්ට
බුලත් විට විකුණපු

පමණකි

සෙනෙහස සොයමින් ඉගිලී
අත් තටු රිදුනා පමණකි,,,,,
යැදු යැදුම් දන්නේ දෙවු 
මැදුරේ පිළිරුව පමණකි,,,
විරහව වින්දේ මා හා වෙවුලන

නුඹේ පෙම

පෙම් සිහින වියැකිලා
ගැලු හිම කඳුළු කැට
දෙකොපුලෙන් ගලා ගොස්
හදවතම හිරිවැටුන

සෙමින් මා තුරුළු කර
පපුතුරට ආදරෙන්

මුල් අවසන් ප්‍රේමය

නිම් හිම් නැති ආදරය 
වැළද විදගන්නට 
දහසක් පැතුම් පුරවා 
මා කුලුදුල් හදවත 
තුල උපන් ප්‍රේමනීය බව
පුජා කලේ ඔබේ
දෙපතුලට හෝ
ස්පර්ශයක් සිත් තුල
රදවා ගෙනය ..............
නොදැන පයට පැගෙන
වැලි කැටයක් තරමටවත්
අගයක් නොලැබුන
ඒ අසරණ හදවත

පැංචියේ

පිරුණු දා ඇස කඳුළු හංගන
පැංචියේ අහු මුළු වලින්.......
ගලන දා නුඹටත් හොරෙන්
දැං මක් කරන්නද නංගියේ....
සිව් දෙසින් මුර කපොලු තැබුවද

තරහව

බොහෝ සේ කෝපයෙන් සිට
හිත කොතරම් දුකට පත්වුවත්
අවසානයේදී වෙනදාටත් වඩා
බැඳීම් තර වීමයි...

පසුතැවෙමි

අතීතයට ආපසු හැරි යන්නට 
ලැබුනොත් එක් ඉඩක් 
මග හැරුණු දේ 
යලි ලබා ගන්නට
සීත නොසිතයි දෙවරක්
හදමි කැඩුණු තැන
පාලමේ
දෙකොන යා කරපු
ආදරයේ වැරදුණු තැන්
ඒ හද පුරා ආදරය තුල
සිටියේ මා පමණි

පෙම් සිහිනය

දිගු රැයක්‌ පුරා නුඹ
නෙතු මතට විත් මගේ
හසරැල් සලා නෙත්
මා විකසිත කළා නුඹ

දුටුව ඒ හීනයෙම සැම
අරුත කිමදැයි ප්‍රියේ

පාළු කුසුම


තනි වී ලා ලෝකයේ මා එක මලක් වී ......
අසරණ මල් පෙති පමණක් ද මට හිමි ......
මගේ තනි කම දැනෙනුයේ මටම විතරක්දෝ ....
මගේ පෙති පමණක් ඇයි මෙතරම් කෑගසනුයේ ......

දුගදකි මා වටපිට ඇත්තේ ......
මිනිසුන් මාගේ පෙති පාගන්නේ...........
දෙන දසවද මා හට දන්නේ..........
මම ම විතරකි මේ මිහිපිට ඇත්තේ.....

හීන මල්ල

තවත් එකක්,
එකම එක 
පුංචිම පුංචි නිල් පාට
හුදෙකලා තරු කැටයක්,
එකතු කරගතිමි
මගේ හීන මල්ලට,,,,!!!!

කිචි කුචී කිති

සිත කිචි කැවෙන තරමට
නුඹ කුචි කවයි ලඟ ඉඳ
මට කිති දැනෙයි හරියට
ලඟක ඉන්න බැරි තරමට

කුචි කියයි සමහරු
කිති කියයි ඇතැමුද

Sunday, May 20, 2012

උතුම් මිනිසත්කම

කටු පඳුරු මැද වුව
පිපෙයි සුවඳැති කුසුම්...
ඝනදුරු අහස් කුස
දිලෙයි සඳවත සුදින්...
ගැඹුරු විල් දියේ වුව
පූදිනා මල් නෙළුම්...

තර්ජනයක් නොව

දොළ පාරක් වගේ සෙමින්
ගලා ගියත් මං නිහඩව,,
ගං වතුරක් වෙලා තමයි
නවතින්නේ හිතුනොත් මට,,,,

මද පවනක් වෙලා සිහිල්
වෙළුනත් නුඹ ළඟ නිතරම,,,

සුදු නංගි

දුරින් සිටියත් ඔබ ගව් ගනනකින් මට........
නිරතුරුවම සිහිවෙයි ඔබෙ සුදු මුහුන......
දැනුනත් නිරතුරුවම ඔබෙ මුදු සුවද.....
අපි අපට අයිති නැති වී ඇයි මේ ලෙසට........

පුරසඳ ආකාසේ මම

සඳ නුදුටුවෙමි බොහෝ කලෙකින්
විඳින්නට පැහැදුනු නිසා
සිසිලස සඳේ නුබෙන් පමනක්
තරැ දිලෙනවා නුදුටුවෙමි කලෙකින්

එන්න හිතෙනවා තුරුලු වෙන්නට ආදරේන්

නිසල රැයකදි තනිව හිදිනා විට පාලුවෙන්
පාලු අහසට සදු ඇවිත් තනි මකයි ඔබ ගැන පවසමින්
ගතේ දැවටෙන සිත සුලගත් ගතු කියයි ඔබ ගැන කොදුරමින්
එන්න හිතෙනවා හනික ඔබ වෙත තුරුලු වෙන්නට ආදරේන්

නූල් බෝලය

අග මුල මැද නැති
පැටලුනු නූල් 
බෝලය නුඹ,,,
තව තව
පැටලී පැටලී

Saturday, May 19, 2012

වළං විකුණන අම්මා

ගිනි ගහන මද්දහනෙ
කැකෑරෙන අව් රැල්ලෙ
මහ පාර අද්දරට වී
දූවිලි කකා

සොච්චමට
වළං

ඉඳි ආප්ප අම්මා


කෑගහන බට්ටන් නැති පැල්පතක
අලුපාට අලුයම ඇස් වලින් මැන
හදවතේ සුසුම් පොම්පෙන්
අළු පිරුණු ලිපට පිඹින්නී.....

උණුසුම් සෙනෙහසේ
කේඩෑරි දෑත
එකම සළුපිලියෙ
පරවෙච්ච මල් චීත්තයේ
පිස පිස සැරසෙන්නීය.....

සඳවතී


නිහඬ රාත්‍රිය 
සුමුදු සිනිඳු කරමින්
හීන ලෝකයේ
කතාපුවත් රසවිඳිමින්
නුඹ ගැබේ සිට
ආදරෙන් බලන් උන්

ඇතාගේ ගමන


ලොරියේ නැගීගෙන
කැලයෙන් පිටව යන
ඇතා මට මතකය.
කඩොල් ඇතුගේ හෝ
පාරිලෙයිය ඇතුගේ හෝ
නෑයෙක්ය.

බිරිඳ මළ දා සිට
තනිව හැසිරුණ ඇතානෝ
වනය මැද රැක ගැනුමට

මට ආසයි ආදරේයි කියන්න


කතා කරන ඔබේ මුතුවන් දෙනෙතේ
මුව මදහස රැල් පානා සියුමැලි දෙතොලේ
කාන්තියට ඔබේ සුන්දර මුහුනේ
ඉවසුම් නැ මට මගේ සුදු මැණිකේ

ඔබත් එක්ක මල් උයනට යන්න
අදුරු කොනක වි දොඩමලු වන්න

ප්‍රේමයේ පුද බිම


මටසිලුටු සිත් මළුව
අද හුඟක් රළු වෙලා ,,,
පිදු පෙම් කුසුම්, හද
පුදසුනේ පරවෙලා,,,,
දැහැන් ගත ප්‍රේමයෙන්
මගේ නෙතු ඇහැරිලා,,
නුඹේ පුද බිමේ
මං ඉකි බිඳිමි තනිවෙලා,,,,

Sudanthi Anuruddhika

කියනවාද ආදරෙයි කියා


මලක් වගේ හැඩට පිපී
හතර අතට සුවඳ දිදී
සුරංගනාවක් වගෙයි ඔයා
මට කියනවාද ආදරෙයි කියා

රෑ නින්දෙන් සිහින අරන්
නිදිගත් සිත අවදි කරන්

සැනසෙන්නේ ඇයි මා


සමාවන්න මට මගේ දරුවනේ
ආයෙත් නම් මේ වරද නොවේ
ජීවිතයේ මතු කවදාවත්

දෙපා රිදෙන තුරු
මහ වන මැද්දෙන්
පාසැල් යයි නුඹලා

නුඹට මතකද ඒ දවස්


  • නුඹට මතකද ඒ දවස්
    මගේ ඇස් යට
    නුඹේ හිත ළඟ
    සිහින ගුලි උනු පෙර දවස්

    නුඹට මතකද ඒ දවස්
    මගේ දෑඟිලි
    සුරත රන්දා
    සෙමෙන් සක්මන් කළ දවස්

    නුඹට මතකද ඒ දවස්
    නුඹේ උර මත

රණ විරුවන්


වසර තුනකට පෙර අද වාගේ දින
මතකෙට නැගේ අද ඉයේ වාගේ මට
රට තුල මහ සැණකෙලි තිබුන යුර
ටික ටික මැවේ ඒ දිනයේ සිද්ධි ගැන

රට ‍රැකි කොල්ලන් එදා රණ විරුවන් ලෙස
පමණක් නොවේ මුර දෙවියන් ලෙස රටට
හදුනා දෙමින් තම මදි තර කරගත්ත
උතුමන් වෙසේ අදටත් ඒ අතරින්න

එදවස සිටිය විරුවන් අතරින්න
මහ විරුවාගේ නම මකමින්න

හිතවත,


ඔබ රිංගන්න හැදු හදඅගුළුලා බව දැනුණිද...පා කරපු බීජ සැකයේදළුලා වැඩෙයි දැක්කේද.....

දැනුනෙ නැතුවද


සඳේ සඳ එලිය මැද දිලිසෙනා කවිකාර තරු ඇස් මගේ නුඹ දන්නවා නම් හදවතේ අහුමුළුත් හිස් අනේ ආදරෙ පුරවගෙන හිනැහෙනා මැයි මාර ගස් ළග හිටපු දින දැනුනෙ නැතු‍වද හද ගැහෙන රාවෙ උස්......


දිනිති දීපිකා

සිහි නොවෙමි


මතකයේ සුන්දර බව අතැතිව 
මා ඔබෙන් දුරට ගියේ
ගල් කුලක් මෙන් තිබු
ආදරය ..................
ඉරි තලා ගිය නිසා
නොවේද ...............
අන්තිම හිස්ම පොදටම 

ආදරයේ උනුසුම


ආදරය වචනයකි
ආදරය උනුසුම්
හැගිමක් වන්නේ
ආත්මාර්තකාමිත්වය
පැමිනිමත් සමගයි.....
කෙනෙක්ට තමන්ගේ

සිතුවිලි බොඳ කරලා


නන්නාඳුනනා නගරේ
හමුවූ හඳුනන්නී
මතකපොතේ පිටු අතරේ
හෙමිහිට පෙරලෙන්නී

මටත් හොරෙන් සිත දුරට අරන් ගොස්
මතක සිහිනයේ සතපාලා

පාලුව එයි


මගේ කියා තිබුනු සිතක
මගේ කමට මුවාවී
සිටියෙමි කෙටි කලක් පිපි
ජිවිතයම හිනාවී................

මගේ කමක් දැනුන සිතක
හුරැ උනුසුම නිමාවී

පුංචි සාදු


පිච්ච කැකුළු මෝරන සඳ එළියට
වවුලෝ රංචු ඉගිලෙනවලු එක රෑනට
පන්සල් මිදුල පුරා සඳ වැතිරුනාට
පුංචි සාදු මම කව්රුත් නෑ මගේ තනියට

දවසක් අම්මා ආවා .......මතකයි
පුතේ ........කියා අමතනු රිසියයි

හැකි උනානම් මටත්


හැකි උනානම් මටත්..
නුඹ මෙන්ම..
සැහැල්ලුවෙන් හිනාවෙන්න.
සැහැල්ලුවෙන් කථා කරන්න..
ඒත් මේ හිත හරි බරයි..
මේ සුසුම් හරි බරයි..

මැයි ගස


මැයි ගස
කොල හැලී වියලී
ශෝකය පමණයි
ඉතිරි යන්තමට..
මතකයි
කාලයක් ගෙවුනු

මම දන්නෑ...


කොහොම වෙලාද මම දන්නෑමගෙ හිතේ එයා නැවතිල ඉන්නව
කොහොම කලාද මම දන්නෑමගෙ හද එයා අරගෙන තියෙනව
කොහොම ලියන්නද මම දන්නෑදිවියම එයාට ලියන්න හිතෙනව
කොහොම කියන්නද මම දන්නෑආදරේ මට දැනෙමින් තියෙනව.....

Thursday, May 17, 2012

නුඹ දිනන දින දුර නොවෙන්


සුළි සුලං වැහි කෝඩ හැමුව මුත් දස අතේ
තව තදයි මේ හිතේ සෙනේ ගස නුඹ කෙරේ
බිම වැටී හැපි හැපී තැලෙන මහ වැසි වගේ
තව වැටෙයි කදුළු බිදු හදවතේ හැම කොනේ....

ඟං දෑල ළග ඉවුරු රකින මුණිවත වගේ
මං තාම ගලා යන සෙනේ ගඟ ළග ඔහේ

හිමිවීම


තිස්තුන් පැයේම සිතා
හිමි වන්නට අයැදුවත්
කවදාවත් නොලැබේවි....

අහිමිවීම-
අංශුවක් තරම්වත් නොසිතුවත්

පුංචි දූට බෝනික්කෙක්


බලා සිටිද්දී අම්මා මහත් වූණා
මා එක්කලා සෙල්ලම් හැම නතර කළා
ගමේ නැන්දා උදේ හවස ඇවිත් ගියා
අප්පච්චිටත් මා අමතක මෙන් පෙනුණා
 

Sample text

Sample Text