skip to main |
skip to sidebar
සැනසෙන්නේ ඇයි මා
සමාවන්න මට මගේ දරුවනේ
ආයෙත් නම් මේ වරද නොවේ
ජීවිතයේ මතු කවදාවත්
දෙපා රිදෙන තුරු
මහ වන මැද්දෙන්
පාසැල් යයි නුඹලා
ගිණි මද්දහනේ
වියැලුණු දෙතොලින්
පසුපස එයි නුඹලගෙ අම්මා
සුරා සොඬෙකු වී - වියවුල් මනසින්
සැනසෙන්නේ ඇයි මා....
උන්හිටි තැන් නැති
අහරක් කුස නැති
දොඩමළු වෙති නුඹලා
ඉරුණු ඇඳුම් පොඩි
පොට්ටනි අත ගෙන
මහමඟ වෙති කියලා
සුරා සොඬෙකු වී - වියවුල් මනසින්
සැනසෙන්නේ ඇයි මා....
No comments:
Post a Comment