පුංචි අතැගිලි ලා රෝස පාටින් දිලිසෙනා විට
වින්ද සොව නම් අමතකව හිනැහුනි සක්වල දෙසට
තරම් මහමෙර බර දරාගෙන ඔබ දුක් කදු උසට
තවත් සිරිපා කමල ළග ඉඩ ඉතිරිලා අපෙ නමට
රිදුණු හිතකට තව තවා සෙත් පැන් ඉසින්නී ඔබ මයි ලොවේ
ඉරුණු දිවියට රුවල් මහලා හබල වෙන්නේ නුඹ මයි ලොවේ
දැනුණු දවසට හද දුකද යහමින් ගත්තේ නුඹ මයි ලොවේ
කිරණ ස්නේහේ දියත විහිදා පාන විස්කම් එහි මැවේ
මල් මදාරා තුසිත භවනෙන් නෙලා ගන්නට බැරි වුනිද
සිල් සුවඳ සල් මලින් පෙරලා දුන්නේ ජිවිතය නොවෙද
කල් බලා හිත් නිවන්නට සෙනේ පොවනා උල්පත නුඹද
මතු භවේ මෙත් බුදුන් වී නිවන දෙන්නට මඟ රකින්නෙද......
දිනිති දීපිකා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment