- නුඹට මතකද ඒ දවස්
මගේ ඇස් යට
නුඹේ හිත ළඟ
සිහින ගුලි උනු පෙර දවස්
නුඹට මතකද ඒ දවස්
මගේ දෑඟිලි
සුරත රන්දා
සෙමෙන් සක්මන් කළ දවස්
නුඹට මතකද ඒ දවස්
නුඹේ උර මත
මගේ හිස රැඳි
සෙනෙහෙ තැවරුණු ඒ දවස්
නුඹට මතකද ඒ දවස්
මගේ සවනට
නුඹේ තොල් පෙති
රහස් මිමිණූ පෙර දවස්
නුඹට මතකද ඒ දවස්
මගේ කඳුළැලි
නුඹේ සුරතින්
පිස දැමූ ඒ පෙර දවස්
නුඹට මතකද ඒ දවස්
අපේ හිත්වල
සතිට ඉතිරුණු
අපෙන් ගිලිහුණු ඒ දවස්
නුඹට මතකද ඒ දවස්
මා නුඹේ උනු
නුඹ මගේ උනු
අයෙත් එන්නැති පෙර දවස්...Dulanjali Rathnayake
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment