skip to main |
skip to sidebar
මතු නැගෙනු පිණිස
පයට පෑගෙන පඬරලා පත
මුවින් නොබැනම උහුලනා බර
තෙමී පින්නට දැවී අව්වට
වගක් නැතිවම ඉන්න ලස්සන
හරිත හිනහව පෑව මුත් පෙර
වැදී හිරු රැස් මිලින විය එය
වියලි සුළඟත් කරන අතවර
නමුත් සුළඟට පාන මදහස
වලාකුළු නැති නබෝ ගැබ දෙස
දෑත් දිගුකොට නොයැ දිය පොද
වෙලා අවනත දමට අටලෝ
හිඳින නිසලව බලාගත්වන
කුසෙහි සම පිට අතට ඇලවුන
ගොනුන් කුසගිනි නිවනු පිණිසම
කැපවෙලා පත සඟවගති මුල
යලිත් මතු දින නැගෙනු පිණිසම.
ගොඩක් ලස්සන කවියක්
ReplyDelete