skip to main |
skip to sidebar
සිතුවිලි බොඳ කරලා
නන්නාඳුනනා නගරේ
හමුවූ හඳුනන්නී
මතකපොතේ පිටු අතරේ
හෙමිහිට පෙරලෙන්නී
මටත් හොරෙන් සිත දුරට අරන් ගොස්
මතක සිහිනයේ සතපාලා
හිනැහෙනවා ඔබ ඉඟි බිඟි කරමින්
දෙලොවක මගෙ සිත සිරකරලා
අතීත සැමරුම් නටඹුන් අතරේ
අමතක මතකය මතුකරලා
වලාකුලක් සේ යන්න ගියා ඔබ
සිතුවිලි සිත තුල බොඳ කරලා
No comments:
Post a Comment