අතීතයට ආපසු හැරි යන්නට
ලැබුනොත් එක් ඉඩක්
මග හැරුණු දේ
යලි ලබා ගන්නට
සීත නොසිතයි දෙවරක්
හදමි කැඩුණු තැන
පාලමේ
දෙකොන යා කරපු
ආදරයේ වැරදුණු තැන්
ඒ හද පුරා ආදරය තුල
සිටියේ මා පමණි
මාගෙන් ඈ දුටු ලෝකය
සැබෑ නොවන විහිළුවක් ලෙස
ඉවත දැමුවේ මස් වැද්දෙක්
මා තුල නිමවමින් බව
දැන් හැගේ ...............
එතරම් මා හට ආදරයක්
තේරෙන්නට තරම් මනසක්
නොතිබූ තරම්ය .................
ඉවසීම සැමවිට ඉවසිය නොහැකි
නිසාදෝ මා ආදරය අත් හලන්නේ
හදවත කොනක විරහවක් ඉතුරු
කල නිසා දින දින ඈ දුරස් වන විට
මා නෙත් ඈ සොයන්නට
බල කලේ ඇයි දෝ නොසිතේ
හදවත පෙරලෙන්නක් මෙන්
දුකක් දැනේ ...............
ආදරය මෙය බව වටහා ගැනීමට
ගියේ ඈ නොමැතිව හෝරා
කිහිපයකි .............
මෙයයි
ඈ මට දුන් ආදරයේ තරම
යලි ඈ නොපමෙනු ඇත....
වරදට දඩුවම්ද හිමි වී
සීත පිඩා විදිමින් කල්
ගෙවයි ඈ සොයමින .....................
Sachith nadeeshan
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment