ඉපල්වුණු තුරු මුදුන්
මල් කැකළු දරාගෙන
වියළි මුදු හරිත කොළ
ගස වටා තිබෙනවා...
ඒ හරිත කොළ ටිකම
පොහොර පස් වී ගසට
යළි යළිත් මල් කොළත්
ඵලත් හට ගැනෙනවා..
දුර ඈත දුවන් ගිය
මුල් පෙලක ශක්තියෙන්
මහ ගසක් සේ වැඩී
බර දරා ගන්නවා...
මහා සුළඟක් ඇවිත්
මුල් කඳන් වෙන් කරන්
ඵල මල්ද කොළ සමඟ
ගස කඩා වැටෙනවා.
පොදි බැන්ද ආදරෙත්
ජීවිතේ අද්දරින්
මල් හීනයක් ලෙසින්
බොඳවෙලා පෙනෙනවා.
Subhashine Gunawardana
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment