හිම සීත මුදු පින්න...
තණ පියස සිප ගන්න...
මුදු සුමුදු සඳ කිරණ....
සිඳු රැල්ල හැඩ කරන...
හත්දින්නත් තරු ගොන්න...
ආකහේ නිදි කිරන...
ලා පැහැති මද අඳුර...
හත් පස වෙලා ගන්න...
මුදු සීත පවනැල්ල...
තුරින් තුර හැඩ කරන...
නිසංසල රාත්‍රියේ...
මුළු ලොවම නිද් ගත්ත...
මගෙ ලොවට ඔබ එන්න...
සෙනෙහසේ සුව දෙන්න...
ඔය ළමැද උණුහුමේ....
ගුලි වෙන්න ඉඩ දෙන්න..
හිරු කිරණ කඳු මුදුන...
සිප ගන්න පෙර ඔන්න..
මුළු ලොවට රහසේම...
නොකියාම ඔබ යන්න...
වස්සාන සිහිනය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment