Pages

Thursday, May 17, 2012

පුංචි දූට බෝනික්කෙක්


බලා සිටිද්දී අම්මා මහත් වූණා
මා එක්කලා සෙල්ලම් හැම නතර කළා
ගමේ නැන්දා උදේ හවස ඇවිත් ගියා
අප්පච්චිටත් මා අමතක මෙන් පෙනුණා

දසමස් ගෙවුණු තැන මහ කලබලයකි වූයේ
තිඹිරි ගෙයෙහා අපේ අම්මා හඬනු ඇසේ
ගමේ නැන්දා ද ආවේ හනි හනික අනේ
පොඩි යුද්ධයක් නිමවුණි මහා රෑ යාමේ

උදයේම පිබිදුණා නුහුරුම හඬක් ඇසී
අම්මා ළඟම නලියන පොදියක් දුටුවා
මා ළං වුණෙමි හරි පුදුමෙකි සිදුවූයේ

පොදියේ ඔතා සිටි බෝනිකි පැටියා
දෑසම විදා මාත් එක්ක සිනාසුනා
දෑතට ගන්න මගේ සිත මට මොර ගෑවා
හරිම ඳඟයි මගේ සුදු බෝනිකි පැටියා


Chathurika Senarathna

No comments:

Post a Comment

 

Sample text

Sample Text