Pages

Thursday, May 17, 2012

ආදරය


පෙර සංසාර පුරුද්දකට හමු වූ නුඹ 
කොහේ කොතැනකදී
මට මගහැරුනා දැයි මම නොදනිමි ..
නුඹෙන් තොරවූ ජිවිතයේ වූ හිඩස
මහ මෙරක් තරම් වූ දුක දරාගෙන 
අරපරෙස්සමට පිරියම් කරන්නට
දැනුත් මා වෙහෙසෙමි ..
නුඹෙන් හිස් වූ ජිවිතයේ දුක
හදවතේ සියලු ලේ තන්තු පවා පාරවයි
එත් මම නොහඬා මේ දුක දරා ගනිමි ..
ඒ මේ දුකටත් මා මහමෙරකට වඩා ආදරය නිසාය
කොහොම විශ්වාස කරන්නට දැයි නොහැගේ ..
සිතට සෙවන දුන්
ඇසට සිසිල දුන්
නුඹේ ආදරය පමණක් නොව
දෙවියනි මට මාවත් අහිමි විය..!


Udara Ɍøx

No comments:

Post a Comment

 

Sample text

Sample Text