Pages

Tuesday, May 22, 2012

පරවෙච්ච බුලත් විට කෙල්ල

මරදානෙ 
කෝච්චි පාලම යට
නිරන්තර හමන
ගන්දස්සාරයට
නාස් පුඩු හැකිලුනා..

යන එන මගියන්ට
බුලත් විට විකුණපු


පුංචි කෙල්ලෙක්
නාවර පෙරාගෙන
පොල්තෙල් බිදුවක්
නොදුටු කොණ්ඩයක්
වන වනා
එහෙ මෙහෙ ගියා....

ටකරන් සෙවිලි
වහලවල් උඩින්
මොනරු හැමදාම
ඉගිලුනත්
දවස ගානෙම
මලකාපු ටකරන්
තව තවත්
මල කෑවා විතරමයි...

අ යනු ආ යනු
නොකිවුවට
ඔත්තෙ ඉරට්ටෙ
ඉලක්කම් ගැනපු
හොටු කෙල්ල
බය වුනා
බුලත් කෙල වගේ
රතු ඇස් දෙකක් ළග......

ගිනිගහන දවාලෙම
හුජ්ජ වලක් මැදම
රැකගන්න වැර අරන්
පිහිනුවා දිවි දියඹෙ
අන්තිමම හුස්ම ටිකෙන්
දත් විකාගෙන....

තණමල් විලෙන්
රත් වෙච්ච
එකෙක්ගේ
ඇඟ හීතල කරන්න
බුලත්විට කෙල්ල
යටවුනා
ගොලු කරන් සියොළගම
දරදඩු අතපය වලට.....





දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text