වසා දොරගුළු නොඉමි මම දැන්
එබෙන්නට හැක නැත පමා ඔබ
ඇසිල්ලෙන් සිත බිඳි කාරණා
කිමද ගලපන් හිත් වේදනා
රංචු ගැහිලා රිද්දනා නල
හෙලනවා විමසුමක් ලංවෙලා
රිද්දලා හිත දුරක ගිය ඔබ
එන්න ආයෙත් නැහැ පමා තව....
නිදැල්ලේ යන සිතම මේ හැටි
වෙහෙස දෙන්නේ ඔබ ගැන අසා
වසා නෙතු යුග සිහිකරමි පෙම
කොයිතරම් සුව මතක එමටා....
පන්හිදෙන් කවි ලියවෙනා විට
ඇවිත් හසරැල් බෙදන ඔබ ගැන
කප්පරක් දන ඇසුව මුත් තතු
නැහැ කිවුවෙ නුඹ ගැන මෙමා...
තනිකඩව දුර යෑම නම් බෑ
අහිමි කම් යැයි කිය කියා තව
දරා කදුළැලි ඉවස ගන්නම්
එන්න ආදරෙ පෙර ලෙස තමා.....
දිනිති දීපිකා
Wednesday, May 23, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment