අපේ ලොවට එලිය අරන්
මගේ පුතුනේ නුඹ ආවා..
නුඹේ ටිකිරි හිනා පොදින්
මගේ ලොවම වට කෙරුවා...
මට මතකයි අපි දෙන්නා...
හැන්දෑවට උයන් තෙරේ
අත් අල්ලන් පිය මැන්නා..
නුඹේ පා පොඩි පුසී පැටව්
පසු පස්සේ දිවයන්නා
සිනිඳු කම්මුලක් මාවෙත
හිමි හිමිහිට ලං කරලා..
හාදු දිදී මං එක්කන් පාරට
පාරට යමුදැයි ඇහුවා...
එත් ඉතින් දවසක් දා..
අම්ම අතේ එල්ලිලා
මගේ පුතා දුරඈතක
යන්න ගියා මං දාලා...
කඳුළු බින්දු හෙමින් ඇවිත්
මගේ කම්මුල් තෙත් කෙරුවා..
නුඹ වෙනුවට මට තනියට
තනිකම මගෙ ළඟ හිටියා...
අමාලි මාපා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment