Pages

Saturday, May 19, 2012

මට ආසයි ආදරේයි කියන්න


කතා කරන ඔබේ මුතුවන් දෙනෙතේ
මුව මදහස රැල් පානා සියුමැලි දෙතොලේ
කාන්තියට ඔබේ සුන්දර මුහුනේ
ඉවසුම් නැ මට මගේ සුදු මැණිකේ

ඔබත් එක්ක මල් උයනට යන්න
අදුරු කොනක වි දොඩමලු වන්න
ලොවට හොරේන් ඔබේ දෙතොල් සිබින්න
මට ආසයි සුදු මැණිකෙට ආදරේයි කියන්න

දැත වසා ඔබේ තුරුලට එන්න
මුහුණ හොවා හිස ලැමෙහි නිදන්න
පාලු මගේ ලොව එළිය කරන්න
මගේ මැණිකේ මට ආදරේයි කියන්න

කුල සිරිතට අතිනත ගෙන පොරුවෙ ඉන්න
කිරි කැටියෙක් ගැන හින මවන්න
සොදුරු හැගුම් තව තවත් හිතන්න
සුදු මැණිකේ මට ආදරේයි කියන්න

සමීර සදරුවන් බණ්ඩාර

No comments:

Post a Comment

 

Sample text

Sample Text