skip to main |
skip to sidebar
ඇතාගේ ගමන
ලොරියේ නැගීගෙන
කැලයෙන් පිටව යන
ඇතා මට මතකය.
කඩොල් ඇතුගේ හෝ
පාරිලෙයිය ඇතුගේ හෝ
නෑයෙක්ය.
බිරිඳ මළ දා සිට
තනිව හැසිරුණ ඇතානෝ
වනය මැද රැක ගැනුමට
නිතර ඇවිදපු ඇතානෝ
ගස් හොරු ළඟ
දණ නොනමපු ඇතානෝ
අසත්‍ය
අඹරා අරගෙන හොඬයෙන්
පරසක්වළ ගසපු ඇතානෝ
මහ ගස් ළඟ විතරක්
දෙදණ නමපු ඇතානෝ
රන් වන් උක්දඬු අරගෙන
උතුමෙක් හෙව් ඇතානෝ
මඩ කාගෙන
ගල් කාගෙන
වෙඩි කාගෙන
වනය පිදුව ඇතානෝ
අහිතක් නැතුව
වනය වෙනුවෙන්
දෙදළ ගලවා දන්දුන්
ඇතානෝ
හදවතේ
කඳුළක හැඩයෙන් යුත්
සිදුරක් තියාගෙන
කබල් ලොරියේ පිටුපස නැගීගෙන
නිහඬව
නිවන් පුරයට පිටව යන
ඇතානෝ !
No comments:
Post a Comment