ගිනි ගහනා අවු රස්නෙට
දිලිසෙන දිගු නෙතු සඟලට
කඳුළු බින්දු බර වැඩියිද
කියාපන් උමා,,,,
මල් වට්ටිය නුඹේ උනාට
කාසි අහුර මගෙ උනාට
නුඹයි මමයි දකින හීන
එක වගේ තමා,,,,,
මල් මිටියක් විකුණගන්න
හෑල්ලු වෙන ඔය සිනාව
කළා රසෙන් පිරි සුන්දර
නිමාවකි අමා,,,,
දෝත පුරා මල් අරගෙන
හීන් හඬින් කෑ ගැහැවට
නුඹේ නමින් මල්
පිපෙන්න ඇයිද තව පමා,,,,,
මඩේ පිපෙන සියපත් රැස
මඩේම බැහැගෙන නෙලලා
මඩ නොවැදී දුන්නු පිනෙන්
පැන් දියෙන් තෙමා,,,
බුදුන්ට දෙන මල් පොකුරට
මිලක් කියන මේ කෙල්ලට
සිරිමා බෝ රජුනේ
දෙනු මැනවි නුඹ සමා,,,,,
සුදන්ති අනුරුධිකා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment