දොළ පාරක් වගේ සෙමින්
ගලා ගියත් මං නිහඩව,,
ගං වතුරක් වෙලා තමයි
නවතින්නේ හිතුනොත් මට,,,,
මද පවනක් වෙලා සිහිල්
වෙළුනත් නුඹ ළඟ නිතරම,,,
සුළි සුළඟක් උවත් වෙන්න
බැරිකමකුත් නම් නෑ මට,,,,
මල් වැස්සක් වී වහින්න
ආස උනත් නුඹේ ලෝකෙට
දොඹ සූරන සැඩ වරුසාවක්
වෙන්නත් පුළුවන් මට,,,
ඉවසල ඉවසලා දිනෙක
ඉවසනු බැරි වූ දවසක
මං ඉවසපු තරම නුඹට
දැනෙන්න ඉඩ හරිමි හොඳට,,,
Sudanthi anuruddhika
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment