නිම් හිම් නැති ආදරය
වැළද විදගන්නට
දහසක් පැතුම් පුරවා
මා කුලුදුල් හදවත
තුල උපන් ප්‍රේමනීය බව
පුජා කලේ ඔබේ
දෙපතුලට හෝ
ස්පර්ශයක් සිත් තුල
රදවා ගෙනය ..............
නොදැන පයට පැගෙන
වැලි කැටයක් තරමටවත්
අගයක් නොලැබුන
ඒ අසරණ හදවත
පෙරලා මා සතු
කරගත්තේ
මහමෙරක දුකක්
තනිවම විදිමින .........
දරන්නට නොහැකි බව
වැටහුනේ සිතින් මා
බොහෝ දුර ගොස් අතරමං
වූ නිසාවෙනි.............
කොතරම් ඉසුලුවත්
කිසියම් විටක ලොවට
ඇසෙන්නට පුපුරා යාමට
ඉඩ ඇති බව හැගේ ............
එවන් දිනක් එලිය දුටව හොත්
ඔබ පිටුපා ගිය ආදරයක වටිනා
බව ඔබටම වැටහෙනු බව පැහැදිලිය
නමුදු ඒ වන විට ඔබට කල යුතු
යමක් ඉතිරිව නැති බවද මම දන්නා
කරුණකි ...........................
Sachith Nadeeshan
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment