Pages

Saturday, May 19, 2012

හැකි උනානම් මටත්


හැකි උනානම් මටත්..
නුඹ මෙන්ම..
සැහැල්ලුවෙන් හිනාවෙන්න.
සැහැල්ලුවෙන් කථා කරන්න..
ඒත් මේ හිත හරි බරයි..
මේ සුසුම් හරි බරයි..
කියාගන්න බැරිව..
දිනෙන් දින නුඹ නමින්..
එකතු වෙන මේ ආදරය..
එකපාර මේ හිත උඩට එනකොට..
කොහොමද රත්තරන් මං..
සැහැල්ලුවෙන් ඉන්නේ..
මේ නෙත් වලට..
ලොකුම ලොකු උණු..
කදුළු බිංදු පිරෙනවා විතරයි..
මටත් නොදැනීම..
නුඹට මේ හිත නොදැනෙන කොට..

Chanaka Madushanka

No comments:

Post a Comment

 

Sample text

Sample Text