පිච්ච කැකුළු මෝරන සඳ එළියට
වවුලෝ රංචු ඉගිලෙනවලු එක රෑනට
පන්සල් මිදුල පුරා සඳ වැතිරුනාට
පුංචි සාදු මම කව්රුත් නෑ මගේ තනියට
දවසක් අම්මා ආවා .......මතකයි
පුතේ ........කියා අමතනු රිසියයි
දෑස කදුළු කැට තෙත් වෙනු බයටයි
අම්මේ කියා නොකිව්වේ දුකටයි
හවස අමදපු මේ මළුවට බට මම
හිතේ බරට කල්පනාවේ සිටි මම
නොදැනීම ආවේ බෝ මළුවට
ඇහිද ගතිමි බෝ කොලයක් ලස්සන
උදේ හවස එන දහසක් පය යට....
පෑගී පොඩි උන බෝ කොලයට....
පින තිබුනත් බුදු පහස ලබන්නට....
ගෙවා දමන්නට සිදු වෙයි කල පව් ටික.....
හිත හදුනා තව පහන් දැල් උනා
දුක නිවනා මම ආපසු හැරුනා
පය නැංගා පන්සල් ගෙයි දොර වෙත
පන දුන්නා බලන්නට හෙට දවසට .......
No comments:
Post a Comment