සුළි සුලං වැහි කෝඩ හැමුව මුත් දස අතේ
තව තදයි මේ හිතේ සෙනේ ගස නුඹ කෙරේ
බිම වැටී හැපි හැපී තැලෙන මහ වැසි වගේ
තව වැටෙයි කදුළු බිදු හදවතේ හැම කොනේ....
ඟං දෑල ළග ඉවුරු රකින මුණිවත වගේ
මං තාම ගලා යන සෙනේ ගඟ ළග ඔහේ
දකින විට සමුදුරක් පෙනෙන තෙක් මානයේ
විඳින සුව ගඟ වගේ දැනෙයි මට මතු දිනේ....
පුපුරු ගසමින් හිරුත් තද රැස්ම ගෙනාදෙන්
පුරුදු ගිම්හානයේ මා තව තවත් දවාදෙන්
නුහුරු වස්සානයේ මල් පිපී අත්පුඩිත් තලාදෙන්
මගේ පෙම නුඹ දිනන දින දුරක නොයාදෙන්.....
වැවේ දිය සොරොව්වෙන් උතුරලා ගියාදෙන්
ගී ගයන විහඟ කැළ ගගන හැර ගියාදෙන්
අමනාප සුලග විත් නුඹෙ සුවඳ ගෙනාදෙන්
මගේ පෙම නුඹ දිනන දින දුරක නොයාදෙන්......
No comments:
Post a Comment