Pages

Saturday, June 30, 2012

‎එකම හිත මම හොයන


සිඳ දමා තටු යුවල
නිල් අහසෙ තතු කියන
උගුල්ලා නෙතු සඟල
පුන් සඳේ රුව ගයන
බැඳ දමා තොල් යුගල
ගයන්නට තනු වයන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන,,,

අඩන්නට කඳුළු දී
සිනාසෙන්නට කියන
තැවෙන්නට හේතු දී
සැනසෙන්න මග කියන

තත්සර කටහඩ


ගයනා ගී නාදෙන් ....
හැගෙනා තත්සරයෙන් .....
නුබේ කටහඩ ඇසුනා ....
මා හද පිරි සද වෙමින් ...

පළමු වරට ඇසුණු මිහිරි වදන් .....
මා බිය ගැසුණා තදින් ...
එනමුත් ඒ මිහිරි වදන් ....
දැනුනා මගේ හිතට තදින් .......

සියොතුන්ගේ කුචි බිචි නද මෙන් ..
ඇසුනා නුබගේ හඩින...
සිනහවේ විල මැද පිපෙමින් .....
දිලෙනා මලකි නුබේ කටහඩ මටනම් ......

Keshan Wasala

දුකට කියන කවි සීපද


රෑට බතට බෝඩිම තුළ හාල් නැතී
පාළු අඳුර ගෙල මිරිකයි නිමක් නැතී
මැරුණ ප්‍රේමෙ මට ආයෙත් මතක් වුණී
ලොකු අක්කේ මට තනියම ඉන්ට බැරී

උඹයි කිව්වෙ ගම හැර මට යන්ඩ කියා
උඹයි කිව්වෙ එතකොට හිත හැදෙයි කියා
උඹයි කිව්වෙ මං නැතිවම බැරිය කියා
අනේ අක්කෙ අඬගහපං වරෙන් කියා

ගාමන්ට් එකේ උඹ වැනි කෙල්ලක් උන්නා
ගෙදර මතක් කර කර කඳුළක් බුන්නා
අක්කේ උඹේ කටහඬ හද ළඟ ඇහුණා

ආදරය


ඔයා ලඟ ඉන්නකොට
නොදැනුන
ආදරේ....

දැනෙනවා
හොඳටම
ඇත්තමයි...

මුදු හතක්
පසුකර
යන්න ගියදා -ඔබ...

මගේ හිත
විදවාපු විඳවල්ල

ඔබෙ සෙවනැල්ල


පායනා හිරු වාගෙ තිරවම
ඔබේ ළග මම ඉන්න හැටි
දන්නවා නම් මේ හිතේ ඉඩ
පුදුමයකි නොතේරෙන හැටි...

ඇතැර මිතුදම් මකා දා මා
ගියත් නොඑනා ගමන්
පුරුදු විදිහට දිව රැයේ මම
ඉන්නවා ඉස්සර තරම්.....

කොයිතරම් දරදඩුම වුවත්

බලාපොරොත්තුවේ සහන් එළි


ජිවිතේ මහ හුඟක්
දුක හිතෙන තැන් ඇවිත්
මගේ ලඟත් දැන් ඔහේ
ඇදෙනවා............

හදවතේ පූදිනා
දුක් සුසුම් කඳුලකින්
පුරෝගෙන නෙත් පුරා
දිවෙනවා...........

වා තලේ මුහුවෙනා
උණුසුම්ම සුසමකින්
හදවතේ සියුම් තැන්
දවනවා............

තරඟ තීරක සල්ලි


කෑලි කපන 
ඝන අන්ධකාරයේ
කණා මැදිරියො
එළි නිකන් දේවිද ?
කාසි හිග නම්
පසුම්බියෙ අද
හරය ජීවිතෙ ඇතිද

නොබලා නොඅසා නොකියා නොසිතා


නොබලා ඉන්නේ බැලුවොත් මට මගෙ 
ඇස් දෙක ආපහු ගන්න බැරි,,,
නොඅසා ඉන්නේ ඇසුවොත් මට තව
හිතේ දරාගෙන ඉන්න බැරි,,,,
නොකියා ඉන්නේ කියන්න ගත්තම
කියලා අවසන් කරනු බැරි,,,,,
නොසිතා ඉන්නේ හිතන්න ගත්තොත් 

ජිවිතේ දෙවැනි අම්මා

අපර මහා සාගරයේ ජල බිදු ටික නුබයි........ 
කාන්තාරේ පොලොතලේ සිතල සුළග නුබයි .........
මුළු මිහිතලයේ සෙනෙහස ගස නුබයි .......
ජිවිත දේදුන්නේ දෙවැනි අම්මා අක්කේ නුබයි ......

වැරදුනු විට රහසින් නුබ මුමුණන කවි ගොඩයි ...
පැරදුනු විට මෙමා නුබ ශක්තිය දෙනු හැඩයි ...
පිනි යායක මල් වැස්සේ නුබ පිපිලා හරි හැඩයි ....
ජිවිත නෞකාවේ මගේ සුක්කානම නුබයි

අම්ම සඳකි


අම්ම සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හැඳින් නුඹේ ලෝකය එලිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගහට වින්දී
පිය සෙනෙහසට කව් ගී ලියවුන මදි

... සිරුරේ දුවන්නේ මගේ ලේ නොව පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනි
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කීම මගේ ලේ කිරි නුනේ

මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණි දන්නේ

අවසන අහස නිදහස් විය


ගැබ්බර අහස
විලි රුදාවෙන් පෙලෙමින්
හෙමින් හෙමින්
කදුළු කූඩයක
අඩුම කුඩම ඔබ්බවා
දරු ප්‍රසුතියට සූදා නම් වෙයි....

ත්‍රස්තවාදයේ සුළි සුලං
හමා යමින් තුරු හිස්
ප්‍රචණ්ඩත්වයෙන් රිද්දයි....

ලේ පිපාසිත ගෝරනාඩු
විදුලි ගර්ජනා
අවි අමෝරා අඳුරු සෙවනැලි
විටින් විට එළිය කරමින්
බිය වද්දයි....

ඝණ අන්ධකාරයේ ගුප්ත බවට
තර්ජනා කරමින්

මරණය


මරණය මිට මොලවා ගෙන 
වන්දනාවේ අවුදින් අප
කුලියට ගත් ජිවිතයක්
ඔහේ ගෙවනවා ...

ගෙනා ආයු ඉවර වෙලා
යන්න දවස පැමිණියාම
කාටත් නොකියම මෙලොවින්
සමුගෙන යනවා ..

අද ද, හෙට ද සතියකින් ද
නැතිනම් මාසෙන් දෙකෙන් ද
නොදැන අපිත් හිනා වේවි
දවස් ගෙවනවා ..

දැනෙන දෙයක් ඉතුරු කරලා 

අප්පච්චි


කලා වැවට උඩින් දිනිඳු නැගෙන්නට කලින් 
පිණි පලස පුරා දෙපා තබා
කුඹුරට ඇදෙනා අප්පච්චි ..
නිල්ල පිරුණු කෙත ළඟ හිඳ
බවුන් වඩනවද අප්පච්චි ....

වැහි ඇල්ලක්වත් නැති අහසට සාප නොකරනා
දහදියෙන් වපුරනා
අප කුසද පුරවනා අප්පච්චි .....
මතු බුදු වෙන්නට
පෙරුම් පුරනවද අප්පච්චි .....

එක තරුවක්වත් නැති අහසක අඳුර බිඳිමිනා
උඩ මළුවේ පුන් සඳ විලස දිලි
මගේ ලොවම සරසනා අප්පච්චි ...
ඔබ බුදු වෙනදා 

මගෙ සඳ ඔබ



දිවි කතර මැද අතර මංව
සරන කල හසර නොදැන
මට කියා දුන් දිවි මග
මගෙ ලොවේ සඳ ඔබ

පහන් තරුව වෙමි මම
ඔබ මගේ හිමි සඳ
ලඟින් ඉම් හැම දාම
විඳින්නට පහස ඔබ

නිදි නොමැති ඔය නෙතු ගාව
සැරි සරමි මම හැම රෑක
නොමැකෙනා ලෙස හද ගාව
රැඳී ඉමි මම හැම දාම

ගැරහුම්



කේශ කල්‍යාණයෙන් තොර හිස ශ්වේත සළුවෙන් වසා ගන්නී
ලොවෙන් සැඟවී , හිතේ තනිකම ගලන කඳුළින් මකාගන්නී
දෙවිඳු යැද්දත් පිහිට නොලැබම, ලොවින් නෙක ගැරහුම් ලබන්නී
සත්‍ය පිදුමත් මීට වැඩියෙන් දහස්වර හොඳ යැයි සිතන්නී...........

විධවාව ලෙස අසපුවක හිඳ නොයෙක් වත් පිළිවෙත් පුරන්නී
කෝවිලත් තහනම් බැවින් ඇය නාන තොට පමණක් දකින්නී
ලවණ ,කිරි රස, අකැප වූයෙන් බතට දිය පමණක් බුදින්නී
බුදුන් ඉපදුණු දේශයේ හිඳ, තවම මිසදිටු මැද තැවෙන්නී

නොවෙනස් පාරක සිට


( වෙනස් වෙන ලොවක අපේ රටේ නොවෙනස් කම් තාමත් )

01 එක්තරා සඳැහැවතෙක් _______ :-

ගෝතම බුදුන් නාමෙට සාදා පුද දුන්නේ
සිළුමිණ සෑය මුදුනත් දී අද වඳිමින්නේ
කරඬුව කිය කියා සැම දෙන හෙට නමදින්නේ
වටිනාකමක් ගැන අමිලයි එහි කියවෙන්නේ.....

සසරක දුකයි හැමදාමත් ලැබෙන්නේ
ඇසුරේ ලැබෙන මිතු දම් ලෝ වටින්නේ
මිතුරේ දහම් මඟ විතරයි තියෙන්නේ
සන්තක වස්තුවම සසුනට පුදන්නේ....

02 එක්තරා රට කරවන්නෙක් ______ :-

මිනිසුන් දෑස වසනා එක වැඩක්මද
අද කිවු දේම හෙට මතකයෙ තියෙයිමද
පුටුවේ ඉන්න කාළේ මෙය අගෙයිමද
දැන්මම පන්සලේ ‍පිළිමය කඩන්නෙද.....

නොහිතා දෙපාරක් පලයන් කඩාපන්
වැරදුන විටදි පිට රටකට දුවාපන්
ඇති නැති සියළු බලතල හෙට යොදාපන්
හරියට ඔලුව මැද වස්තුව ගෙනාපන්......

03 යම්දෝ නොයම්දො ( අතර මැදියා ) ____ :-

ලොකු නම කවදාක දුර බැහැරක් වඩීවිද
ඇබිත්ත කොලුවාගෙ කට කෙලෙසක වසන්නෙද
කියනා දෙයක් මේ හැතිකරෙ හෙම අසාවිද
මසුරන් පොඳිය මට ගන්නට නම් ලැබේවිද.....

අහුවුන දාට නැහැ බය නම් කොයිම විට
ලොක්කා ඒ වුනත් සැකයකි ඇත්තෙ මට
නැමුනොත් එහෙම ඇට නැති දිව හරහකට
ඇත්තයි තවම සිහිනය බුදු පිළිමෙ කට......

__________________________________________________

ලෝකය යන්නෙ යන අතටම කියා වෙතේ
වාසිය ගන්නෙ ඒ තැන්වල අයම වෙතේ
කාසියෙ ලොබය හැම සම්පත නසනු වෙතේ
නූපන් උන්ට හෙට උරුමය අහිමි වෙතේ......

දිනිති දීපිකා

මරනය


මරනය ඇවිත් සීතල උදේක
ගිම්හානයේ උනුසුම රැගෙන
ඇරයුම් කරයි එන්නයැයි යන්නට
අත් වැල් බැඳන් උනුසුම්ව ඉන්නට.....

නොයා ඉන්නේ කුමකටද මම
දමා යන්නට කිසි දෙයක් නැති විට
විමසා බලන්නට අයෙක් නැති සිත
අවසර දුන්නාය මරනයේ ඇරයුමට.........

මරන මංචකය අභියසට සපැමින
කොයි තරම් වැලපේද ඔබ හෙට
ඒ කඳුලු එක් බිඳක් හෝ අද දින
මතු උනානම් කදිමමැයි මියුලැස.........

නොනැවතී යමි ඉදිරියට


උස්සන අඩිය ආපස්සට නොතියන හන්දා 
ගැස්සෙන හිතෙන් බියගුලු උන් පන්නන හන්දා
බැට දෙන අලි ඇතුන් වුව අබැටක් වෙන හන්දා
ස්ථිර ගමන යමි නැවතුම සැනසුම ඇති හන්දා.....

වෙවුලන අතගිලි


වෙවුලන අතගිලි 
පුරුදු ලෙසම අද
තෙලිතුඩ අරගෙන රඳවා
ආදරයෙන් ලිවූ
දින සටහන් ළඟ
මට නොදෙනීම මා
නතර වෙලා

ලස්සන දවසක අප හමු වුවා Chanchala Menaka
වෙවුලන අතගිලි
පුරුදු ලෙසම අද
තෙලිතුඩ අරගෙන රඳවා
ආදරයෙන් ලිවූ
දින සටහන් ළඟ
මට නොදෙනීම මා
නතර වෙලා

ලස්සන දවසක අප හමු වුවා
ආදර රන් ලොව හිරු පැයුවා
සෙනෙහස් සොම්නස දොරේ ගැලුවා
නුඹේ පෙම ළඟ මා අවනත වුවා
නුඹ ආ මග මා දූවිලි සිම්බා
පූජිත ප්‍රේමයම මා ඇදහුවා


සුළඟක් ඇවිදින්
වට දැවටී
මතකයේ සුන්බුන්
යලි සිහි වී
දෙනෙතට කඳුලක් තව බර වී
වැසුවා දින පොත මා ගොළු වී............
ආදර රන් ලොව හිරු පැයුවා
සෙනෙහස් සොම්නස දොරේ ගැලුවා
නුඹේ පෙම ළඟ මා අවනත වුවා
නුඹ ආ මග මා දූවිලි සිම්බා
පූජිත ප්‍රේමයම මා ඇදහුවා


සුළඟක් ඇවිදින්
වට දැවටී
මතකයේ සුන්බුන්
යලි සිහි වී
දෙනෙතට කඳුලක් තව බර වී
වැසුවා දින පොත මා ගොළු වී............

හිතුවක්කාරියකගෙ සිතුවිල්ලක්


( අප්පච්චි දකීවිද මන්දා )

නැගෙන හිරු පරද්දා
හැමදාම දිනන තාත්තා....
කිචි බිචිය නගන්නට
විහඟුන්ව අහරවන තාත්තා....

ලිප ළගින් අම්මාට
තනි රකින තාත්තා
කහට බැඳි දත් ටික
අඟුරු කැබැල්ලෙන් මදිනා....

අල්ලට දමා ගත් සීනි කැට
ගනන් කරමින් කහට බොන්නා
කිරි පිටි දැමූ කිරි වීදුරුවක්ම
අපි වෙනුවෙන් දුන් තාත්තා....

හිස් බඩම දඩු වැට පැන
කාසි සොයන්නට යන තාත්තා

පූජාව


සාලය පුරා
ඇති තරම් 'බිතුසිතුවම්' අඳින්නට
පාට පාට පැස්ටල් කූරුවල ඔතා
මට මගේ නිදහස දෑතින් ම ගෙනත් දුන්නේ
නුඹය.

නුඹේ උපකරණ
ඇද ඇද ගලව ගලවා
විද්‍යාව පිරික්සන සඳ අප
නිහඬව ම ඒ දෙස බලා සිටියේ
නුඹය.

සරුන්ගල් වලාකුළු පිටුපස
දුවන්නට
පිත්ත ගෙන දකුණතට
මුළු දවස ම පිට්ටනියේ උඩ පනින්නට
මට මගේ ළමා කාලය ම

තාත්තා


පැන්ෂන් දාට
ලැව්ගිනි ඇවිලෙන පිටකොටුවේ
වීදියක් වීදියක් ගානේ
ඇවිදියි.
සෙල්ලම් බඩු මැදුරක් ළඟ
පලතුරු ගස් කඩයක් ළඟ
නැවතිලා
ඇලපිල්ලක් පාපිල්ලක් ගානේ ම
මුනුබුරන්ට සතුට ඇහිඳියි.
වෙව්ලනා අත් දෙකෙන්
නගරය ම වඩාගයි.

සරීරේ හැම තැන ම
රැලි ගැසිලාය.
හම
කාල වර්ණ ව ගොස්ය.
දෑත්,පා

සදහටම ලොවින් නික්ම ගිය ඇයට


වෙන්ව ගිය ඔබ යලි නොයෙන්නට මටත් නොකියාම
ඔබම විතරයි හදෙහි රැදුනේ ඉතින් හැමදාම
එදා තුරුළුව ලයට ලංවි කි කතා බොහොම
සිහිවි උනු කදුලු බිදිවක් නෙතග තෙමයි හැමදාම

පෙර සසරේ සිට එකට එක්වි බැදි පෙම් හාද
නෙත් යුග හමුවි සසර සිහිවි පෙමින් බැදුනාද
අතැර මගේ ලොව මව තනිකර යන්න සිතුවාද
ඔබ සිටින ලොවකට මමත් එන්නම් තරහා නැ නෙද

නෙතග තෙත් කල ගලා ගිය එ කදුල හැමදාම
කියා දෙනවා හදෙහි නැග ආ විරහා දුක නිරතුරුම
යලි නොයෙන්න නික්ම ගිය ඔබ මාව හඩවාම

ඔබටයි සබඳ මේ ලිවුවේ


නොදනී ගලන ආදරයත් ගඟුලැල්ලක් පරදිනවා 
පිබිදෙන කැකුළු මල සේ ඔබ ළග සෙනෙහස ඉල්ලනවා
පින්නේ දිලෙන පිනි කැට මෙන් හිත මගෙ නම් දිලිසෙනවා
කුමටද සබඳ තරහක් දින දින අපි වයසට යනවා ....

මුතිගන වෙහෙර ළග මල් තැබුවේ පතලා ඔබෙ සැනසීම
දුන්හිඳ ළගින් හිත තිබ්බා දුක සෝදා යනු කියලාම
තුරුහිස් අගින් එබෙමින් හිනැහෙන ඒ පිරිපුන් සඳ සේම
හදවත ළගින් මගෙ නවතිනු පෙම්වත ඔබ ඉස්සර ‍සේම.....

සරතැස නිවන පැන් පොඳ ඔබමයි හැමදාම
කවිකම ළගින් නැවතුණි අද නම් පෙරසේම....

ලෙන්ගතු හීන


ලෙන්ගතු හීන අවුදින් යළි හිත මතට
ඔබෙ රුව අඳිනවා ඒ මත යස රඟට
එන්නට බැරි නිසා හීනෙන් මිස ලඟට
කඳුලැලි සලනවා රහසින් මුළු ලොවට

සඳ ළඟ ඉන්න පැතුවා තනි තරුව වෙලා
සඳ නෑවිදින් තරුවට දුක එකතු කළා
කළුවර ඇවිත් අහසම අවපසට හෙලා
තරුවට දුක හිති හැඬුවා කඳුළු සලා

සුළඟක් ලෙසින් විත් ඔබ ළඟ දැවටෙන්න
ඔබටත් හොරෙන් ඔබෙ උණුහුම විඳ ගන්න
මල් සුවඳක් වෙලා නිරතුරු සනසන්න
එන්න ද ඇවිත් සිහිනෙන් ඔබෙ ළඟ ඉන්න

Gayani Dikkumbura

පෙම


ගෙවුණු.... යුගය අවුදින් සිත .................පාරන්නේ 
බිඳුණු...... හිතට ඔසු සොයමින් …..වෙහෙසෙන්නේ
රිදුණු .......තරම ලොවටම ...............සඟවාගන්නේ
දැනුණු......පෙමක මහිමය ඔබ නෑ ..............දන්නේ

මතක......අතර හිඳ ඔය නෙතු..... හිනැහෙනවා
පෙමක... මහිමි සිහිවී සුසුමක්.............. එනවා
මලක..... සියුම් පෙති අකලට මිය........ යනවා
සිතක..... නැගුණු කඳුලක් නෙත...... රිදවනවා

අහස..... දුරයි තරු දිලුණත් ළඟ........ වාගේ 

‎ඔබ


මිහිරිම සිහිනයකි නිදි නැති නෙතු දකින
සොඳුරුම කවිකමකි පන්හිඳ පද බඳින
සතුටකි හිනාවක් සේ නෙතු මත දිලෙන
නොසැලෙන අදිටනකි සසරෙම ළඟ රැඳෙන

සිහිලැල් දිය රැල්ල වියැළුණු දිවි කතරේ
මද මුදු පවනැල්ල සුව දෙන හද ගැඹරේ
සුවදෙන අරුණැල්ල දිලෙනා නිල් අඹරේ
මා හද සැනසිල්ල ළඟ රැඳෙනා සසරේ

පවනැල්ලක් විලස අවුදින් හොර රහසේ
හසරැල්ලක් මවයි ඔබ මා සිත් අහසේ
ගඟුලැල්ලක් ලෙසින් ගලනා මුදු පහසේ
කිමිදෙමි ගිලෙමි සැනසෙමි දිවියම සිත්සේ 

අතීතය


වල දමන
යළි යළි
අපම
ගොඩ ගන්න

අමිහිරි
තැන් පීරා
මිහිරි තැන්
සොයන

සිහිනෙන් වත්
නොදකින්නට පතා
නොනින්දේද
ඉව අල්ලන

අමතක කරනට
උත්සහ කරන
නමුත් අමතක
නොකරන

වස්සාන සිහිනය

ඔච්චම්


පාර පාරා හිත
සෝද සෝදා මඩ
කරයි ඔබ
ඔච්චම් මට..

අළු යට
ගිනි පුළිඟු
එළි දල්වමින්
දිලෙයි ඉඳහිට..

කටුක රළු
වදන් අභිමුව
කඳුලු වපුලා
නොසැලෙමි තවත්..

සියුම් තුඩකින්
හාර හාරා
ගැඹුරු පපු කුහරය
පාරවයි ඉතින්..

හැරයමි
සදහටම
නොඑමි
කිසිදා යලිත්..

Subhashine Gunawardana

ඔබේ ♥



භවෙන් භවයේ
මා පතා ආ
එකම පැතුමයි
ඔබේ..♥..

පෙර භවේදිත්
මා වෙතින්
ගිලිහුනා මතකයි
ඔබේ..♥..

මේ භවේදිත්
මට අහිමි බව
දැනේ දැන් මට
ඔබේ..♥..

මතු භවේ වත්
මගේ වන ලෙස
පතා මිය යමි
ඔබේ..♥..

වස්සාන සිහිනය

ඔබේ රෑපය


කලක් තිස්සේ කල්බලා මම
නිතර සිහිපත් කරනවා
ආදරේ ගැන ලියන හැම විට
මේ ගැනත් නිති සිතනවා
ආදරේ කොලයක අඳින්නට
හැඩතලක් මම සොයනවා
කොතෙක් හෙව්වත්
හොයා ගන්නට බැරිව
සිත නිති තැවෙනවා..........

ගඟක මුහුදක දොලක
හැඩයක් එකට ලංකොට
බලනවා
නමුත් ඒ හැඩ නොගැලපෙන බව
හැමවිටම සිත කියනවා...
සඳක තරැවක එලිය අරගෙන
සමානව ලං කරනවා
නමුත් ඒ කිසි හැඩතලක්

නිකැළැල් පෙම


විල් තලය මත පීපී සියපතක් සිනාසෙයි
ඒ හිනාවෙන් වෙලී බඹර නෙතු මුලාවෙයි
සඳත් අහසෙහි දිලී නෙක රටා මවාලයි
ඔබ වෙතම සිත බැඳී නිදි දැහැන් මුදාලයි

හීනයක් හා වෙලී ඔබ ඇවිත් හෙමි හෙමින්
ගීතයක් වී ගැයෙයි දෙසවනෙහි රැවු දෙමින්
ජීවයක් ලදිමි මම නුඹේ නිකැළැල් පෙමින්
කල්පයක් මග බලා හිදිමි ඔබගේ නමින්

Gayani Dikkumbura

කදුළු කවියක්


ලියා අවසන 
කොලේ කවියක්
යලිත් මම එය විදිනවා

එකින් එක පද
ගලා ආ හැටි
හිතින් හිතමින් හඩනවා

මම ලියු කව
මම කියද්දී
අතීතය සිහි නැගෙනවා

කොලය බොදවී
අකුරු නැති වී
කදුළු කැට දැන් වැටෙනවා

කසාවත දැරූ දා


(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි) 

සාගරයක් තරමට වැඩි කඳුළු ගඟක් මැද්දේ
උණුහුම සෙව්වෙමි ඔබගේ තනියට රෑ නින්දේ
අම්මේ හීනෙන් අවුදින් මා නළවන සද්දේ
දෙසවන් මත පිලි රැව් දී මගෙ සිහිනය බින්දේ

පොවන්න පෙර කිරි කළයම ගඟේ ගියාද
මව් සෙනෙහස ගඟ පතුලේ සැඟව ගියාද
ගඟට උඩින් කඩිමුඩියේ කොක්කු ගියාද
සෙනෙහස ගෙන දුරු රටකට ඉගිල ගියාද

මවක අඩුව මකනු බැරිව දෙවෙනි මවක සේ
අත්තම්මා ළඟ උන්නා සෙවනැල්ලක් සේ
දෙවෙනි මවුන් ආ දවසේ දැනුනන දුක කෙසේ
ලියා එවන්නද අම්මේ හැඬුවෙමි රහසේ

සසර පුරා නොඅඩුව මව් සෙනේ ලබන්න
අතර මගදී මා තනි කර දුරක නොයන්න
සතර වරිගයම සසරෙන් එතෙර කරන්න 

ඒ ඔබයි මගේ පුංචි කුමාරි

රැ සිහිනේන්
මගේ ලොවට ඇවිත්
සිහින ගෙනෙන්නේ
ඒ ඔබයි මගේ පුංචි කුමාරි

සුදු පාට මල් වැටුනු
සෙපාලිකා මල් දෙවැටෙ
අත් වැල් බැදන් යන්න
සිහිනෙන් මා හා අවෙ
ඒ ඔබයි මගේ පුංචි කුමාරි

පෙර සසරේ උන්නා වගේ
මතු සසරේදිත් ලංවි ඉන්න

මට ලෙඩක් නෑලු


මගෙ පෙනීම හොඳයිලු,,,
මොන බොරුද දොස්තර මහත්තයෝ,
මට තාම මිනිස්සු අදුරගන්න බෑ,,,

කන් ඇහීමේ වරදක් නෑලු
මොන බොරුද දොස්තර මහත්තයෝ,
මට ඇහෙන්නේ මගෙ හිත කියන දේ විතරයි,,,,

ප්‍රෙෂර් නෝමල් ලු,,,
මොන බොරුද දොස්තර මහත්තයෝ,
මං නේ දන්නේ මගෙ ඔලුවේ තියෙන පීඩනේ,,,

හාර්ට් රේට්ස් ඕකේ ලු,,,
මොන බොරුද දොස්තර මහත්තයෝ,
ඕකේ නිසා වෙන්නැති මේ හැටි රිදෙන්නේ,,

ෂුගර් ගානට තියෙනවලු,,,

පගාව


දිවා රැයේ පුපුරා පුපුරා 
බැන වදිමින් ආණ්ඩුවට
දිවි ගෙවනා අපේ ඇත්තෝ

කොතන ගියත් එක දාගන්නයි
ට්‍රයි කරන්නේ අපේ ඇත්තෝ
බැරි උනාමයි තරා ගන්නේ

යන යන තැන පගාවමයි
ගන්න හදයි අපේ ඇත්තෝ
නොදුන්නොතින් වැඩේ කපෝති

සේපාලිකා


සේපාලිකා රැයේ සුපිපී 
මෙතෙක් මා වෙත සුවද දුන්නා..
ඔබෙන් ආ ඒ සුවද සිඔ සිඔ
රැ පුරා පෙම් සුවය වින්දා...

රැයේ මා මෙහි නොමැති දිනවල
දැනි ඒ මල සුවද දෙන බව
තවත් බමරෙකු ඇවිත් මල වෙත
සුවද වින්දා සුවද වින්දා...

වෙනත් බමරෙකු සුවද විදි බව
දැනි දින සති ගතවෙලා
දරාගන්නට නොහැක මේ දුක
අහෝ මල අද පරවෙලා..

අම්මා යැයි නැහැ කිසිදින දියණිය කිවුවේ


සඳවත හීනියට මෝරා නැගෙන විට 
ගිනිගෙන දැවෙන එක නුවරක කොනක සිට
යන්තම් සිරුර වැසෙනා රෙදි කැබැල්ලට
උන්නා දැවටිලා බිළිඳිය උණුහුමට....

උදයට දකින අම්මා නැහැ කිසිදින දැක්කේ රෑට
පිය තුම කවුද වග නම් මව්වත් නොදනී හරියකට
දුක සැප බලන්නට නැති වුනි නම් මිත්තනියත් ඇයට
ඇත්තයි ඇයට වෙන්නේ මහමඟ තනියම නිදන්නට....

වත්සුණු තවරගෙන මව් යනවිට හැමදාමත් පාරේ
යන්තම් පෙනෙන දුර බැලුවා ඇය හිස හරවා පාරේ
දවසින් දවස ලොකු වෙන දියණිය උන්නත් පැදුරේ
හිරිකිත කමින් පිට මං කළෙ දියණිය මව ඇගෙ පාරේ....

සසර


පෙනෙන විපරිත පොළෝතලයම 
අවුලුවාලූ දුක් ගිණි
සකල සත නෙත් මතින් ඉහිරි
ගලා යන කඳුලැලි මිණි
අතිර බව රැදි තිලොව සංඛත
ධර්මයෝ මත හද ඇනි
සසර මග බව දුකින් මිරිකි
ලෝසතුන් එහි ගැවසුනි 

Umandā Jayobandara

සිතක් නැත්තේ කාට


මල්ලියා ඇවිල්ලා
අම්මාට ගුලිවෙලා
එදා සිට මවු වෙලා
මා ලඟම සිටිනවා ,,,,,,,,

සිනාසෙන විට මෙමා
මිතුරෝ ඇත පිරිවරා
හඬනවිට දුක් වෙලා
සිටියා මට ලංවෙලා ,,,,,,,

අයනු ආයනු කියූ
ආදරය වැරදුනා
තනි රැක්කේ ළඟ හිඳන්
හඬන මහා රෑ පුරා ,,,,,,,,,,,

හිතක් නැති බව සැබැයි
තනි රැක්කේ නුඹ තමයි
සිතක් ඇති අය ගොඩයි

අහඹු සිතුවම


කඩුගන්නාව කඳු මුදුනේ සිට
ඈත ඈත බොහෝ ඈත
මීදුමින් වැසුනු මිහිවතියගේ
තුණු මඩල දෙස බලාසිට
ඊසලය ගෙන......
කැන්වසය එලා එලා ඒ මත
දේදුනු වර්න මුසුකොට
අඳින්නට තැත් කලෙමි
සිතුවමක්.........

නිර්රථක වු.
බොහෝ උත්සාහයනට පසු
දැඩි වු කලකිරිමෙනුත්
නැගඑන කෝපයෙනුත්
ගසා බසා දා - නැගිට බලද්දි
ඔබ සිටියාය....
කවදාවත්ම දැක නොමැති
මා දෙස නෙත් යොමාගෙන......

විනාශය


සල්ලි හොයන්න 
අපේ මිනිසුන්
කරනා විනාසේ
පෙනේද ඔබලාට

විනෝද කෙළිය ට
ඕනෑ එපා කම්වල ට
පෙනේද තොපලා ට
කරනා විනේසොබා දහම ට

සොදුරු ගස්ටික කපා බිමදා
තියන වැව් ටික සිද දමාලා
මුදල් ගැරුමට අපේ මිනිසා
වින කරති සොබා වනසා

කිමද නුබ දුර ඇදෙන්නේ


ලංව ඉන්නනට නොහැකි බවයක දුරක කීම නුබ උපන්නේ 
පෑන පොත මත පන පොවන්නද හිතට හිත ලං කරන්නේ
සෙල්ලමක් නොව ජීවිතය නුබ ඇයිද එය තව නොදන්නේ
විහුලුවට හෝ ලගට නෑවිත් කිමද නුබ දුර ඇදෙන්නේ

හිතට නිවනක් ලගක නැතිමුත් නිවෙන්නයි එය තනන්නේ
නිවෙන හිතලග නුබ තවම නැත ඇයිද පහසට නොඑන්නේ
බිදුන හදවත ඉකිගසන හඩ නුබට නෑ නොව ඇසෙන්නේ
තැලි පොඩිවී ගියත් ඔයසිත කප්පරක් මට වටින්නේ

නුබට කැප නැති නුබේ කවියට තනුව රහසින් තැබූ දිනේ
හැමට රහසේ මටත් නොදනී සිතගියා ලගටම නුබේ
දෙන්න සුරසැප නැති උනත් මට රකිමි දිවිතුරු නුබ මගේ
අදුරු කුටියේ පහන වී නුබ දිදුලන්නේ කවදද නගේ

යන්න දෙන්නට හිතක් නෑ මට නුබ රැගෙන ගොස් හිත මගේ
පාලු තුන්යාම තනිය නෑ මට හිතේ තනියට නුබ වෙතේ
දෛවයෝගය හිතට හුරු දුක ලග ලගම එන බව පෙනේ
නොදුටු කිවිලිය නුබේ කවියට හෙටත් මහදින් තනු මැවේ

Vinod Munasingha

ඇය


තොල් සායම් ගෑ දෙතොලඟ සිනා තවරනා 
වැළපෙන සිත සිනාවකින් ලොවෙන් සඟවනා
මග යන එන සැම වෙත නෙතු බැලුම් හෙලමිනා
කවුරුන් එනතුරු දෝ මේ දෑස වෙහෙසනා

වීදි කොණක අඩ අඳුරක ලොවම දකින්නී
හීන අහුරු එකතු කරන් ගෙල පලදින්නී
හීන වලින් පාට අරන් ලොව සරසන්නි
දුක විකුණා කාසි සොයන් පුතුන් රකින්නී

බෝ සෙවණක බවුන් වඩන අනග කිරිල්ලි
අතින් අතට මාරු වෙමින් යමින් ඉගිල්ලී
සිර ගෙයි දුක වළඳන හිමි නිසා නොසෙල්ලී
දරුවන් කුස පුරවයි ඇය දුකෙහි ගැලී ගැලී 

මෙය මා ලොව අද්දුටු දහමයි.

ජීවිතේ
පොදි බැඳගත්තු
බලාපොරොත්තු
ගොඩක් තිබුනත්

ජීවිතේ
හදාගත්තු පිළිවෙල
කොහොම උනත්
කරගෙන ආව දේවල්
කරපු දේවල්
මොනව උනත්

කෙනෙකුට
වෙනස් වෙන්න පුළුවන්
ආයෙ
කවදාවත්ම

වෙනස්කම


හිතන්න පුළුවන්ද
එහෙම කලා කියලා
කියන්න පුළුවන්ද
එහෙම කිව්ව කියලා...

හිතන්න පුළුවන් උනත්
නැතත්
කියන්න පුළුවන් උනත්
නැතත්...

මතක ආවර්ජනයක්


හේබෑ වෙච්ච හේනම දුටු වෙලාවේ
සෝදා යන්න හිත හඬනා වෙලාවේ
ඔහු මා අතැර දුර ගිය කල්පනාවේ
මැවිලා පෙනුනි හදවතෙ හුඳකලාවේ

වැහිබර අහස නැතිමුත් මේ කාශ්ඨකේ
පලබර වේය ලෙංගතු අව් කාශ්ඨකේ
නැති බැරි කමම නොකියා දිවි කාශ්ඨකේ
අත් පා යුධ වැදුනේ බඩගිනි මාරකේ

මුං මෑ ඉරිගු පැත්තක ගියෙ එක සීරුවට
තිබ්බටු බතල මඤ්ඤොක්කා එක යායකට
හිනැහී රතු මිරිස් තිබුණේ හරි සීරුවට
අතරින් පතර වට්ටක්කා වුනි යායකට

පියා සිරිපාල


පොළ ලග ගින්දර ජෝඩු පිටින් ......
වට වෙලා කුබියෝ වගේ ඉතින් .........
සිරිපාලත් හොර බැල්මෙන් ඇවිද ගිහින් ..
ඔලුව දැම්ම මොකද්ද ජර මරේ බලම් ....

මාළු පැටව් පණ ගගහා උඩ පනිමින් ....
ඉන්න රගේ බලහන්කො ලෑලි උඩින් ...
සිරිපාලත් හිමින් සැරේ තට්ටු වෙමින් .....
ඉස්සුවා නේද කොරලියෝ ටිකක් හොරෙන් ...

යසට තිබ්බා කොරලියෝ ටික අතුරුදහන් ...
අප්පටපොල පාලගේ මාළු කඩෙන් ....
කවුද යකෝ හොරකම් කර කුරියා දැන් .....
කෑගැහුව පාලය අර සෙනග මැදින් .....

දිනන්නට දිවිය


යන්නට ඇතත් 
දුර ගමනක්
සිතට විරියක්
නැත තවමත්..

දිනෙන් දින
ලංවෙනා දින
පබදිමි ලබැඳිව
පෙම් කවක් ...

Friday, June 15, 2012

අඹ ගෙඩියක්


පොකුරක් දිගේ ගස උඩ මම දිදිලෙනා ..
ගග දෙපසින් සැමදා මිනිසුන් යන එනා......
පැහිච්චි කොලු රෑනක් දිනකදී ඇවිල්ලා ....
ගැහුවා නේද මගේ අත්තට වැරදිලා ....

අසරණ මම ගග වෙත පාවී සැතපිලා ...
ගහගෙන යන හැටි කොලුවන් දැක දැකා ...
හිමින් සීරුවේ කෝටුටිකක් දමලා ...
ගොඩට අරන් මා හට දසවද දුන්නා ....

එක අත්තේ සිටිය එදා අඹ යාළුවන් ...
දැක්කේ නැද්ද මම නැති බව එ ගොඩෙන් ...
තනි වෙලාද කොල්ලන් හට බිලිවෙමින් ....
මම මරුනේ කෙනෙකුගේ බඩ පුරවමින් ....

Keshan Wasala

Wednesday, June 13, 2012

මතක ආවර්ජනයක්

හේබෑ වෙච්ච හේනම දුටු වෙලාවේ
සෝදා යන්න හිත හඬනා වෙලාවේ
ඔහු මා අතැර දුර ගිය කල්පනාවේ
මැවිලා පෙනුනි හදවතෙ හුඳකලාවේ

වැහිබර අහස නැතිමුත් මේ කාශ්ඨකේ
පලබර වේය ලෙංගතු අව් කාශ්ඨකේ
නැති බැරි කමම නොකියා දිවි කාශ්ඨකේ
අත් පා යුධ වැදුනේ බඩගිනි මාරකේ

මුං මෑ ඉරිගු පැත්තක ගියෙ එක සීරුවට
තිබ්බටු බතල මඤ්ඤොක්කා එක යායකට
හිනැහී රතු මිරිස් තිබුණේ හරි සීරුවට
අතරින් පතර වට්ටක්කා වුනි යායකට

හතියෙන් ගිලෙන දිව ලබු කැටයෙන් තෙමාගෙන
වෙහෙසෙන් පෙලෙන ඔහු ගත මැස්සක සතපගෙන
ඉරගල වැටෙන විට දෙවියන් වැඳ පුදාගෙන
සුරැකියෙ ඔහුයි පවුලම හේනක් කොටාගෙන

නොසිතුව ලෙසට ආවා හෙනහුරු වෙලීගෙන
පුරහඳ නොමැති දවසක රෑ හූ කියාගෙන
නොබලා දෙපාරක් ගිජිදුන් ගියෙ ඔසවගෙන
අවසන වැතිර උන්නා මිහිකත බදාගෙන.......







දිනිති දීපිකා

Sunday, June 10, 2012

ඉකි බිඳින සිහිනය


තනිකමක් දැනුනාම 
උනුහුමක් පැතුවාම
ඔබ ඒවි සුළං රැල වාගේ
බෝ දුරක රැඳුනාම
ළඟ වගේ දැනුනාම
ඔබ උන්නේ හිත මතයි මාගේ

උණු කඳුළු ඉනුවාම
නෙත් කෙවෙනි තෙමුනාම
මුළු හිතම ගිනියම් වෙලා
ඔබ ඇවිත් එබුනාම
ඔය සුවඳ දැනුනාම
මගේ ලොවම පෙම්වත් කළා

නිදි නොමැති නෙතු මතට
ඉකි බිඳින සිහිනයට

සත් පුරුෂයාණෝ


අසරණ අහිංසක

සුසුම් රැලි දුක්කදුලු

ජීවිතය කරගත්

මිනිස් ජීවිත මතට

වස්සන්න

අමා වැසි සහනයේ

හැඩවීය තම වීනාව

සත් පුරුෂයාණෝ



ඉගිල ගිය සද

දුක් කදුලු කම් කටොලු

තුටු සිත් පිරි දනෝ

පුදදුන්ය දෙවියනට

උදම්විය
 

Sample text

Sample Text