Pages

Monday, July 2, 2012

මගේම සොදුරිය


නොසීතූ පරිදි හමුවී නෙත් යුග රන්දා
බැලු බැල්මෙන්ම පෙර භවයක සිත බන්දා
අදහස් එකයි දෙදෙනා ගැලපෙන හන්දා
මේ බව කතර තුල අප දෙදෙනා බැන්දා...

ගත හැඩ නැතත් සිත ඇගෙ හරි හැඩ වූවා
මව සහ පියා හට ඇගෙ සෙනහස පෑවා
ඇයගේ සෙනෙහසට මව්පිය තුටු වීලා
මගෙ නැගණියක් ලෙස ඇය හට සැළකූවා...

දින සති මාස ගත වී සුභ දින ආවා
මගෙ ඇගෙ මව්පියගෙ හද සෙනෙහස් ගාවා
දිවියට සැනසුමක් එක් කරමින් නාවා
සුරතල් කිරි කැටිය අපෙ ලෝකෙට ආවා...

පැටියගෙ වත කමල දැක ගන්නට පෙරම
ඇය දුක් වින්ද ඉවසන්නට නොහැකි ලෙස
මා ඉදහිට පැමිණ තොරතුරු අසන විට
තවමත් දුක් විදී නැත අහරක් කුසට.......

දරුවට සෙනෙහසත් නොවඩුව ඇය දෙනවා
ඇය වෙත සෙනෙහෙ දෙන්නට මම ලග නැතුවා
එනමුදු දුක තුනි කර සිතුවිලි රදවා
එනතුරු මෙමා සොදුරිය පව් දුක් විදිනා....

දරුවත් මව්පියන් දෙපලත් බලන විට
සුලුපටු දෙයක් නොවෙතැයි මට සිතෙන විට
ඇයගේ සෝ සුසුම් මා වෙත දැනෙන විට
කෙලෙසක ඉවසම්ද කදුලැල් වැටෙන විට...

පෙර අප පුරුදු ලෙස මෙලසක හමු වූවා
මතු අප මෙලෙස හැමදාමත් එක් වේවා
තව කල් මගේ ආදර බිරිදම වේවා
බුදු හිමි පිහිට දෙවි රැකවරණය වේවා.....

Shashika Maduranga

No comments:

Post a Comment

 

Sample text

Sample Text