Pages

Friday, November 16, 2012

නුඹ මගේ මෑණියන්

නුඹ මට ජීවිතය දුන්නා..
ඉතින් මා නුඹ රැක ගන්නම්
නුඹගේ දෑත් නැති වුවද..
අනුන් උසුළු විසුලු කලද
යහළුවන් සිනාසුනද
නෑදෑයන් කොන් කලද
හිසට සරණක් නැති වුවද
ගතට ඇඳුමක් නැති වුවද
හිතට නිවනක් නැති වුනද
ලෝකයම ගැරහුවද
සත්තකින්ම..
මම සැමදාමත්
රකින්නම් නුඹව
කවන්නම් නුඹට
හැකි උපරිමෙන්ම මට
කිම්ද යත්..
මට නුඹ
මගේ මෑණියන් පමණකි..


2 comments:

  1. මගේ දිවියම නුඹයි පුතුනේ
    මගේ හෙට දින නුඹයි පුතුනේ
    දෙඅත් අහිමිව ගියත් මාහට
    දෙඅත් ලැබුනාසේ දැනේ

    වැසී තිබු ඒ සෙනෙහෙ දොරගුලු
    විවර කෙරුවේ ඔබෙ දයාබර සෙනෙහසයි
    හද වසා ඇති කළු වලාවන්
    තුලින් ගලනනා හිරු කිරන ඔබ පුතනුවේ

    මවට කවනා පවස නිවනා සෙනේ පුදනා පුතනුවේ
    සතර මග දැන සසරදුක දැක බවේ කතරින්
    එතෙරවන්නට පතමි මා

    බන්දුල වක්‍රමසිංහ

    ReplyDelete
  2. ඔබට ජයෙන් ජය
    මෙවන් වදන් ඔබේ සිතට
    පහල වෙන්න..

    ඔබත් උතුම් පුතෙක් වැනිය...

    ReplyDelete

 

Sample text

Sample Text