skip to main |
skip to sidebar
නුඹ මගේ මෑණියන්
නුඹ මට ජීවිතය දුන්නා..
ඉතින් මා නුඹ රැක ගන්නම්
නුඹගේ දෑත් නැති වුවද..
අනුන් උසුළු විසුලු කලද
යහළුවන් සිනාසුනද
නෑදෑයන් කොන් කලද
හිසට සරණක් නැති වුවද
ගතට ඇඳුමක් නැති වුවද
හිතට නිවනක් නැති වුනද
ලෝකයම ගැරහුවද
සත්තකින්ම..
මම සැමදාමත්
රකින්නම් නුඹව
කවන්නම් නුඹට
හැකි උපරිමෙන්ම මට
කිම්ද යත්..
මට නුඹ
මගේ මෑණියන් පමණකි..
මගේ දිවියම නුඹයි පුතුනේ
ReplyDeleteමගේ හෙට දින නුඹයි පුතුනේ
දෙඅත් අහිමිව ගියත් මාහට
දෙඅත් ලැබුනාසේ දැනේ
වැසී තිබු ඒ සෙනෙහෙ දොරගුලු
විවර කෙරුවේ ඔබෙ දයාබර සෙනෙහසයි
හද වසා ඇති කළු වලාවන්
තුලින් ගලනනා හිරු කිරන ඔබ පුතනුවේ
මවට කවනා පවස නිවනා සෙනේ පුදනා පුතනුවේ
සතර මග දැන සසරදුක දැක බවේ කතරින්
එතෙරවන්නට පතමි මා
බන්දුල වක්රමසිංහ
ඔබට ජයෙන් ජය
ReplyDeleteමෙවන් වදන් ඔබේ සිතට
පහල වෙන්න..
ඔබත් උතුම් පුතෙක් වැනිය...