Pages

Monday, July 2, 2012

හිතන් නෑ,මට හිතෙනවා


අතීතේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා
අතරමන් වෙයි හිතුන හැටියෙම හැරී ආපසු දුවනවා
නුඹෙන් ලද දුක නුඹේ නිසාවෙන් අදත් රසකර විඳිනවා
එහෙවු නුඹ ගැන සත්තකයි මන් හිතන් නෑ,මට හිතෙනවා,,,,

හිතට වැරදුන එකම තැන මම අදත් තනිවම හොයනවා
නුඹෙන් මුදවනු නොහැකි හිත ගැන හොරෙන් මම පසු තැවෙනවා
ඉටු නොවෙන එක සිහිනයක්වත් මවන් නෑ ,මට මැවෙනවා
අනේ නුඹ ගැන හිතන් නෑ,මම හිතන් නෑ,,මට හිතෙනවා,,,,,,,

Sudanthi Anuruddhika

2 comments:

  1. හිතන් නෑ මමත් ඒත් හිතෙනවා නම්.......................?

    ReplyDelete

 

Sample text

Sample Text