ගලා යයි
හාදු ගග
දෙතන මැද නිම්නයේ
මා සුසුම් ගී නදට
නටයි ඔබෙ කෙහෙ රැල්ල
මා දෑත් යුග අතර
වෙලී සිරවන ඔබ ගත
නිවාලයි නුරාගිනි
සිහිල් ආලේපයක් විලසින්
පෙමාතුර සිතට
පිබිදෙන්න ඉඩ දෙමින්
ඔබෙ උකුල් යහනේ
මා ගිමන් නිවනා තුරේ
ඇසුනි ඔබ කොදුරනු
"සරාගී සුපෙමේවත
මා කිසාගෝතමියකි
ඔබ පහස ලබන තුරු "
No comments:
Post a Comment