සිතිවිල්ලද ඉවත හෙලමි
ළතැවිල්ලට මුලක් වු
සෙවනැල්ලද නොපෙනේවා
ඔබේ, ම'නෙතට දුකක් වු....
කැඳවිල්ලෙන් නෙත් හී සර
හදවත තුල ඇනිලා
මටත් නොදන්වා සිතතුල
පෙම් කුසුමක් පිපිලා
මගේ ළමැදේ උනුසුම්වන
පින එහි නැත රැඳලා
මගේ සිත හැරදා ඒ මල
යයි දිනයක මිදිලා........
පොතෙක් පිරෙන්නට කටු ගෑ
කවි පදවැල් සුසුම්ලා
දුකක් ඉතිරිකර මසිතට
සෙමෙන් ගියා මැකිලා
අතක් පොවන්නට බැරි වු
ඉසව්වකින් පිපිලා
මතුත් මසිත නොතලනු මැන
හද කම්පිත කරවා...........
No comments:
Post a Comment