Pages

Monday, July 2, 2012

මට එන්න හිතෙනවා


චුට්ට චුට්ට ළගට ඇවිත්
එක කොපුලක් තෙ‍රපවලා
බැහැයි නොකිය නුඹ ළගකම
මට ඉන්න හිතෙනවා...

හීන් හිනා නැලවිල්ලට
බෝවිටියා මල් පොකුරට
මුවඟ තියා පෙති සිඹින්නට
අකීකරුම හිතම කියනවා....

දුවල ඇවිත් උණුසුමකට
පාන සෙනේ ගගුලැල්ලට
කියන කතන්දර විඳින්නට
මට එන්න හිතෙනවා...
ළගිකින් ඉන්න හිතෙනවා
ජීවිතේම දෙන්න හිතෙනවා....

දිනිති දීපිකා

1 comment:

 

Sample text

Sample Text