Pages

Saturday, June 30, 2012

ඔබේ රෑපය


කලක් තිස්සේ කල්බලා මම
නිතර සිහිපත් කරනවා
ආදරේ ගැන ලියන හැම විට
මේ ගැනත් නිති සිතනවා
ආදරේ කොලයක අඳින්නට
හැඩතලක් මම සොයනවා
කොතෙක් හෙව්වත්
හොයා ගන්නට බැරිව
සිත නිති තැවෙනවා..........

ගඟක මුහුදක දොලක
හැඩයක් එකට ලංකොට
බලනවා
නමුත් ඒ හැඩ නොගැලපෙන බව
හැමවිටම සිත කියනවා...
සඳක තරැවක එලිය අරගෙන
සමානව ලං කරනවා
නමුත් ඒ කිසි හැඩතලක්
මට නොගැලපෙන බව පෙනෙනවා...

විඩාපත් වි දුකින් රත්වි
යහන්ගත වී නිදනවා
ඇවිත් හීනෙක සිතට ලංවී
ඔබ යලිත් ඉඟිමරනවා....
නැඟිට ගත්තෙමි දෙලොව රත්වී
කුමක්දෝ මට දැනෙනවා...
සොයාගත්තෙමි ආදරේ හැඩ
ඔබේ රෑපය අඳිනවා..........

පරණ ලියනගේ තිලක් දයාසිරි

No comments:

Post a Comment

 

Sample text

Sample Text