නොදනී ගලන ආදරයත් ගඟුලැල්ලක් පරදිනවා
පිබිදෙන කැකුළු මල සේ ඔබ ළග සෙනෙහස ඉල්ලනවා
පින්නේ දිලෙන පිනි කැට මෙන් හිත මගෙ නම් දිලිසෙනවා
කුමටද සබඳ තරහක් දින දින අපි වයසට යනවා ....
මුතිගන වෙහෙර ළග මල් තැබුවේ පතලා ඔබෙ සැනසීම
දුන්හිඳ ළගින් හිත තිබ්බා දුක සෝදා යනු කියලාම
තුරුහිස් අගින් එබෙමින් හිනැහෙන ඒ පිරිපුන් සඳ සේම
හදවත ළගින් මගෙ නවතිනු පෙම්වත ඔබ ඉස්සර සේම.....
සරතැස නිවන පැන් පොඳ ඔබමයි හැමදාම
කවිකම ළගින් නැවතුණි අද නම් පෙරසේම....
අමතක කරනු බැහැ නුඹ නම් දිවියේ කොහොම
විරසක මොටද මේ හැටි හිනැහෙමු පෙරසේම ......
No comments:
Post a Comment