Pages

Saturday, June 30, 2012

පියා සිරිපාල


පොළ ලග ගින්දර ජෝඩු පිටින් ......
වට වෙලා කුබියෝ වගේ ඉතින් .........
සිරිපාලත් හොර බැල්මෙන් ඇවිද ගිහින් ..
ඔලුව දැම්ම මොකද්ද ජර මරේ බලම් ....

මාළු පැටව් පණ ගගහා උඩ පනිමින් ....
ඉන්න රගේ බලහන්කො ලෑලි උඩින් ...
සිරිපාලත් හිමින් සැරේ තට්ටු වෙමින් .....
ඉස්සුවා නේද කොරලියෝ ටිකක් හොරෙන් ...

යසට තිබ්බා කොරලියෝ ටික අතුරුදහන් ...
අප්පටපොල පාලගේ මාළු කඩෙන් ....
කවුද යකෝ හොරකම් කර කුරියා දැන් .....
කෑගැහුව පාලය අර සෙනග මැදින් .....

දුවලා දුවලා සිරිපාලය කකුල් කටෙන් ....
ලේ එනවා සිරිපාලගේ කකුල් දෙකෙන් ....
ආවත් ලේ නොනවත්වා නොපසුබටින් ......
කොරලි ටිකත් උස්සගෙනම ගෙදර ගිහින් ....

වැහැර හැලුණු කොලු රෑනක් දුවලා ඇවිත් ...
සිරිපාලව වටකරගත් හැටි බලහන් ....
අද වලදන බත් පත උන්ගේ බඩපිරෙමින්...
සිරිපාලය හොරෙක් උනේ උතුම් පියෙක් වෙමින් ....

No comments:

Post a Comment

 

Sample text

Sample Text