skip to main |
skip to sidebar
මගෙ සඳ ඔබ
දිවි කතර මැද අතර මංව
සරන කල හසර නොදැන
මට කියා දුන් දිවි මග
මගෙ ලොවේ සඳ ඔබ
පහන් තරුව වෙමි මම
ඔබ මගේ හිමි සඳ
ලඟින් ඉම් හැම දාම
විඳින්නට පහස ඔබ
නිදි නොමැති ඔය නෙතු ගාව
සැරි සරමි මම හැම රෑක
නොමැකෙනා ලෙස හද ගාව
රැඳී ඉමි මම හැම දාම
පවනක් විලස මි මම
වස්සානයේ සිසිළ ගෙන
ගිම් නිවන්නට දිවියෙ ඔබ
දෙනවා නේද මට ඉඩ
No comments:
Post a Comment