skip to main |
skip to sidebar
ගැරහුම්
කේශ කල්‍යාණයෙන් තොර හිස ශ්වේත සළුවෙන් වසා ගන්නී
ලොවෙන් සැඟවී , හිතේ තනිකම ගලන කඳුළින් මකාගන්නී
දෙවිඳු යැද්දත් පිහිට නොලැබම, ලොවින් නෙක ගැරහුම් ලබන්නී
සත්‍ය පිදුමත් මීට වැඩියෙන් දහස්වර හොඳ යැයි සිතන්නී...........
විධවාව ලෙස අසපුවක හිඳ නොයෙක් වත් පිළිවෙත් පුරන්නී
කෝවිලත් තහනම් බැවින් ඇය නාන තොට පමණක් දකින්නී
ලවණ ,කිරි රස, අකැප වූයෙන් බතට දිය පමණක් බුදින්නී
බුදුන් ඉපදුණු දේශයේ හිඳ, තවම මිසදිටු මැද තැවෙන්නී
No comments:
Post a Comment