Pages

Saturday, June 30, 2012

අප්පච්චි


කලා වැවට උඩින් දිනිඳු නැගෙන්නට කලින් 
පිණි පලස පුරා දෙපා තබා
කුඹුරට ඇදෙනා අප්පච්චි ..
නිල්ල පිරුණු කෙත ළඟ හිඳ
බවුන් වඩනවද අප්පච්චි ....

වැහි ඇල්ලක්වත් නැති අහසට සාප නොකරනා
දහදියෙන් වපුරනා
අප කුසද පුරවනා අප්පච්චි .....
මතු බුදු වෙන්නට
පෙරුම් පුරනවද අප්පච්චි .....

එක තරුවක්වත් නැති අහසක අඳුර බිඳිමිනා
උඩ මළුවේ පුන් සඳ විලස දිලි
මගේ ලොවම සරසනා අප්පච්චි ...
ඔබ බුදු වෙනදා 
මම රාහුල වෙන්නද අප්පච්චි .......

Gayani Dikkumbura

No comments:

Post a Comment

 

Sample text

Sample Text