Pages

Saturday, June 30, 2012

සිතක් නැත්තේ කාට


මල්ලියා ඇවිල්ලා
අම්මාට ගුලිවෙලා
එදා සිට මවු වෙලා
මා ලඟම සිටිනවා ,,,,,,,,

සිනාසෙන විට මෙමා
මිතුරෝ ඇත පිරිවරා
හඬනවිට දුක් වෙලා
සිටියා මට ලංවෙලා ,,,,,,,

අයනු ආයනු කියූ
ආදරය වැරදුනා
තනි රැක්කේ ළඟ හිඳන්
හඬන මහා රෑ පුරා ,,,,,,,,,,,

හිතක් නැති බව සැබැයි
තනි රැක්කේ නුඹ තමයි
සිතක් ඇති අය ගොඩයි
එත් මා අමතකයි ,,,,,,,,,,,,

ඒවි දිනයක් මතුව
යන්න මාරු හා මෙමට
කවුරු නැතුවත් එදින
නුඹ එනවා මා සමග ,,,,,,,,,,,,

Lihini Umanga

No comments:

Post a Comment

 

Sample text

Sample Text