skip to main |
skip to sidebar
අහඹු සිතුවම
කඩුගන්නාව කඳු මුදුනේ සිට
ඈත ඈත බොහෝ ඈත
මීදුමින් වැසුනු මිහිවතියගේ
තුණු මඩල දෙස බලාසිට
ඊසලය ගෙන......
කැන්වසය එලා එලා ඒ මත
දේදුනු වර්න මුසුකොට
අඳින්නට තැත් කලෙමි
සිතුවමක්.........
නිර්රථක වු.
බොහෝ උත්සාහයනට පසු
දැඩි වු කලකිරිමෙනුත්
නැගඑන කෝපයෙනුත්
ගසා බසා දා - නැගිට බලද්දි
ඔබ සිටියාය....
කවදාවත්ම දැක නොමැති
මා දෙස නෙත් යොමාගෙන......
වෙඩරැ සේ උනුවු සිතිවිලි
ගලාගෙන ගියාය
අසල නිම්නය වෙතට
යලිත් පිංසල රැගෙන
සංසුන් සිතින් සිතුවම් කලෙ
No comments:
Post a Comment