Pages

Saturday, June 30, 2012

මට ලෙඩක් නෑලු


මගෙ පෙනීම හොඳයිලු,,,
මොන බොරුද දොස්තර මහත්තයෝ,
මට තාම මිනිස්සු අදුරගන්න බෑ,,,

කන් ඇහීමේ වරදක් නෑලු
මොන බොරුද දොස්තර මහත්තයෝ,
මට ඇහෙන්නේ මගෙ හිත කියන දේ විතරයි,,,,

ප්‍රෙෂර් නෝමල් ලු,,,
මොන බොරුද දොස්තර මහත්තයෝ,
මං නේ දන්නේ මගෙ ඔලුවේ තියෙන පීඩනේ,,,

හාර්ට් රේට්ස් ඕකේ ලු,,,
මොන බොරුද දොස්තර මහත්තයෝ,
ඕකේ නිසා වෙන්නැති මේ හැටි රිදෙන්නේ,,

ෂුගර් ගානට තියෙනවලු,,,
මොන බොරුද දොස්තර මහත්තයෝ,
මුළු ජීවිතේම තිත්ත වෙලා මට,,

රෙස්ට් කලාම හරි යාවිලු,,,
අන්න ඒක නම් ඇත්ත දොස්තර මහත්තයෝ,,
මටත් දැන් උවමනා සදාකාලික විවේකයක් තමා!!!

Sudanthi Anuruddhika

No comments:

Post a Comment

 

Sample text

Sample Text