සඳවත හීනියට මෝරා නැගෙන විට
ගිනිගෙන දැවෙන එක නුවරක කොනක සිට
යන්තම් සිරුර වැසෙනා රෙදි කැබැල්ලට
උන්නා දැවටිලා බිළිඳිය උණුහුමට....
උදයට දකින අම්මා නැහැ කිසිදින දැක්කේ රෑට
පිය තුම කවුද වග නම් මව්වත් නොදනී හරියකට
දුක සැප බලන්නට නැති වුනි නම් මිත්තනියත් ඇයට
ඇත්තයි ඇයට වෙන්නේ මහමඟ තනියම නිදන්නට....
වත්සුණු තවරගෙන මව් යනවිට හැමදාමත් පාරේ
යන්තම් පෙනෙන දුර බැලුවා ඇය හිස හරවා පාරේ
දවසින් දවස ලොකු වෙන දියණිය උන්නත් පැදුරේ
හිරිකිත කමින් පිට මං කළෙ දියණිය මව ඇගෙ පාරේ....
වෙනසක් නොපෙන්වා ඇය ඇය දියණිය රැක්කා
නගරයෙ හොදම පාසැලකට දමමින් රැක්කා
මඩ වළෙ පිපෙන සියපත කරනට ඇය රැක්කා
එනමුත් දියණියම ඈ ගැන අපුලෙන් දැක්කා....
දින දින දිරන කය මව් හට නම් නැහැ සැනසීම
රුව නැණ දෙක සමවී දියණිය යයි ඉදිරියටම
හැකි තරමින්ම දියණිය හට කළමුත් සැපදීම
අම්මේ කියා නැහැ කිවුවේ දියණිය කිසිදාම....
No comments:
Post a Comment