skip to main |
skip to sidebar
මරනය
මරනය ඇවිත් සීතල උදේක
ගිම්හානයේ උනුසුම රැගෙන
ඇරයුම් කරයි එන්නයැයි යන්නට
අත් වැල් බැඳන් උනුසුම්ව ඉන්නට.....
නොයා ඉන්නේ කුමකටද මම
දමා යන්නට කිසි දෙයක් නැති විට
විමසා බලන්නට අයෙක් නැති සිත
අවසර දුන්නාය මරනයේ ඇරයුමට.........
මරන මංචකය අභියසට සපැමින
කොයි තරම් වැලපේද ඔබ හෙට
ඒ කඳුලු එක් බිඳක් හෝ අද දින
මතු උනානම් කදිමමැයි මියුලැස.........
අතීතය සිහිකරයි ඔබ හෙට සිට
නොතැවේද ඔබ ඒ මතක සිහිකර
ආදරේ එක් බිඳක් ගෙන තොල් මත
සරසන්න නොහැකි විය ඔබට අද දින.......
සිපගන්න වැලපෙමින් නැමි හෙමිහිට
මගේ නලල් තලය මතට එම විට
වැටෙන ඒ සොදුරැතම කඳුලු බිංදුව
මා මලත් සැපක්යැයි සිතේවී එමවිට..........
No comments:
Post a Comment