Pages

Sunday, June 10, 2012

සත් පුරුෂයාණෝ


අසරණ අහිංසක

සුසුම් රැලි දුක්කදුලු

ජීවිතය කරගත්

මිනිස් ජීවිත මතට

වස්සන්න

අමා වැසි සහනයේ

හැඩවීය තම වීනාව

සත් පුරුෂයාණෝ



ඉගිල ගිය සද

දුක් කදුලු කම් කටොලු

තුටු සිත් පිරි දනෝ

පුදදුන්ය දෙවියනට

උදම්විය

සිතා අනුහස දෛවයේ



සතුටු පිරි දනන් දැක

හෙලමින් සතුටු කදුලැල්

සත් පුරුෂයාණෝ

හොවා වීනාව පසෙකට

ගිමන් නිවනා කලට

සොර දෙනෙත්

කරයි හුවමාරු එය

කහවනු වලට



සුපුරුදු හඩක්

වෙනස් රිද්මයක්

සිත කීරි ගස්සන

නපුරු ස්වප්නයක්

අතහැර අවදිවිය සත්පුරුෂයාණෝ



හිස් තැනකි

තිබූ තැන වීනාව



නොවේ සිත දුක් ඔහුගේ

නැගේ හසරැලි මුවේ

කවුරුහෝ කොතනැක

කරයි නම් සිත් සතුටු

දුගී පීඩිත දනගෙ



තීවෘර වීනා තතින්

උත්තම ජාතිවාදී ගීනදට

වශීවි දනෝ

පියමනිනු මිරිගු නදියට

දෑස් රිදවාගත් සත්පුරුෂයානෝ

ගෙන සැතක්

පලා ළය

වැඩමවීය අත්ලට

පුංචිම පුංචි දෙයටත්

සැලෙන තම හදවත



ගැහෙන හදවත් මාංශය

සිදුරුකර සීරුවට

උනුසුම් රුධිරයට

දුන්නේය අවසර

නික්ම යන්නට



හිස්ම හිස් හදවත

පුරවා සිහිලැල් රුධිරයෙන්

(සත්) පුරුෂයානෝ

ඇදුනි හුබසක් තුලට.......................

Colin Algama

No comments:

Post a Comment

 

Sample text

Sample Text