Pages

Sunday, June 10, 2012

චෝදනාවක්


( සියල්ලන්ටම නොවෙයි )

වැවෙන්නත් පෙරම දැලි රැවුල
සොය සොයා රහස් තැන්
විශ්මයෙන් සලිතව රාගයෙන්
නොසිඹ උන්නා නොවෙද මල්.....

විකසිතව අරුනැල්ල එක්කම
ඉස්සිලා එන ළැම මතින්
වැතිරුණා නොවෙද ඔබත්
අමතකව හෙළ සිරිත්.....

උණුහුමට උණුහුමක් සොය සොයා
ලැබෙන පොඩි ඇසිල්ලෙදි රිංගලා
කොයිතරම් මල්වලට පිනි කදුළු
දුන්නද නොබින්දත් පතිවත එදා......

හැරී බැලුවොත් ආපු දුර අතීතෙක
කී වරක් බිදුනිද කුමර බඹසර
සොය සොයා අද තරු ලකුණු
රිදෙවුවත් ඇය නිදොස් වග දැන දැනම.

දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text