Pages

Monday, July 2, 2012

මතු නැගෙනු පිණිස


පයට පෑගෙන පඬරලා පත
මුවින් නොබැනම උහුලනා බර
තෙමී පින්නට දැවී අව්වට
වගක් නැතිවම ඉන්න ලස්සන

හරිත හිනහව පෑව මුත් පෙර
වැදී හිරු රැස් මිලින විය එය
වියලි සුළඟත් කරන අතවර
නමුත් සුළඟට පාන මදහස

වලාකුළු නැති නබෝ ගැබ දෙස
දෑත් දිගුකොට නොයැ දිය පොද

හිතන් නෑ,මට හිතෙනවා


අතීතේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා
අතරමන් වෙයි හිතුන හැටියෙම හැරී ආපසු දුවනවා
නුඹෙන් ලද දුක නුඹේ නිසාවෙන් අදත් රසකර විඳිනවා
එහෙවු නුඹ ගැන සත්තකයි මන් හිතන් නෑ,මට හිතෙනවා,,,,

හිතට වැරදුන එකම තැන මම අදත් තනිවම හොයනවා
නුඹෙන් මුදවනු නොහැකි හිත ගැන හොරෙන් මම පසු තැවෙනවා
ඉටු නොවෙන එක සිහිනයක්වත් මවන් නෑ ,මට මැවෙනවා

මියැදි සෙනෙහස


මේ පාළු මූසල සුසානයේ
සැතපිලා මා අද තනිවම
ළඟින් උන් නුඹත් නෑ එදා
අද මගේ තනි රකින්නට....

නුඹට පෙම්කල නිසාවෙන්ම
එකම පිවිතුරු හදින්ම මම
අද මා මියැදිලා මෙසේ
ඒ සෙනෙහස මතින්ම....

පැමිණ එකම වරක් නුඹ

මට එන්න හිතෙනවා


චුට්ට චුට්ට ළගට ඇවිත්
එක කොපුලක් තෙ‍රපවලා
බැහැයි නොකිය නුඹ ළගකම
මට ඉන්න හිතෙනවා...

හීන් හිනා නැලවිල්ලට
බෝවිටියා මල් පොකුරට
මුවඟ තියා පෙති සිඹින්නට
අකීකරුම හිතම කියනවා....

දුවල ඇවිත් උණුසුමකට
පාන සෙනේ ගගුලැල්ලට

අසම්මත


දඟකරන නෙතුයුග 
කලත් ඉඟි බිඟි
මවෙත . .
සසල සිත
දැඬිකොට
හිදිමි නොදුටු
විලසට ..
වෙඳගිල්ලේ රඟන
රන් මුදුව
දුටු විට . .
හැඟුණි නොහැකි වඟ
ලංකර ගැනුමට
අනුන් සතුදේ 

මගේම සොදුරිය


නොසීතූ පරිදි හමුවී නෙත් යුග රන්දා
බැලු බැල්මෙන්ම පෙර භවයක සිත බන්දා
අදහස් එකයි දෙදෙනා ගැලපෙන හන්දා
මේ බව කතර තුල අප දෙදෙනා බැන්දා...

ගත හැඩ නැතත් සිත ඇගෙ හරි හැඩ වූවා
මව සහ පියා හට ඇගෙ සෙනහස පෑවා
ඇයගේ සෙනෙහසට මව්පිය තුටු වීලා
මගෙ නැගණියක් ලෙස ඇය හට සැළකූවා...

දින සති මාස ගත වී සුභ දින ආවා
මගෙ ඇගෙ මව්පියගෙ හද සෙනෙහස් ගාවා
දිවියට සැනසුමක් එක් කරමින් නාවා

භාගෙට ලියපු කවිය නොහොත් රංචාගොඩලමයාගේ ගඟේ කවිය


සැමන්ටින් පොල් කෝම්බ
රෙදිවැරලි මලමූත්‍ර
මැහිතෙල් කුප්පි ඉටිකවර
දරාගෙන
ගඟ කොතෙක් නම් දුර ගලන්නද ?

ගඟ උඩින් පැන
මළේ කන්ථක.
පාරුවේ වැඩ කොට
ගඟේම මළේ
උපාසක.

කිඹුලා හිටියෙ
මාතර ගඟේ.

නුඹ මටද ආදරේ


විමසන්න මට හිතයි ඔබෙ සිත මටද ආදරේ
විමසන්න මට බයයි හොඳ හිත බිඳෙයිදෝ අපේ
හඟවන්නෙ කෙලෙස මගෙ හිත දුක් විඳිනවා මෙසේ
වැටහෙන්නෙ මා කෙරෙන් ඔබහට ආදරෙයි වගේ .........

පිණි බිංදු වැටෙන හිමිදිරියෙම සිනා කැන්දනා
සඳ කැළුම් ගලන රාත්‍රියෙත් මා අමතනා
හොඳ නරක දුකට විටකදි නුඹ මගේ ළඟ නිසා
මේ ආදරේද මිතුදමක්ද කියනවද ඔයා ........

නිදි නොමැති පාළු හැමරැය නුඹ මට මතක්වෙනා
රෑ නින්ද ගියත් හීන පුරයි නුඹ ළඟ ඉඳලා
හිත ඇති තැනකට ගියොතින් නුඹ මට පිටුපාලා

බල්ලා සමඟ ගැහැණිය


( හැමදාම උදේ හවසට මා දකින දර්ශනයක් ගැන )

දිනකර එක්ක අලුයම මුණ ගැසෙන්නේ
කොට කලිසමට සුදු බැනියම අදින්නේ
කණ්නඩි දෙකත් කලු පාටට තියෙන්නේ
එක සම පාද බලු පැටියද තබන්නේ

අව පැහැ පටිය බල්ලගෙ කර මත ඇත්තේ
හරියට ඇයව ඇදගෙන යනු හා වැන්නේ
අඩියක් තරම්වත් උස නැති බල්ලෙක්නේ
එනමුත් නකුට සෙලවී අඩි තිය යන්නේ

හීතල දවස් වල කමිසෙන් සැරසෙන්නේ
මල් මල් රටා හැඩයක් එහි පෙනෙන්නේ
බෙල්ලේ අංකෙ සමගින් සලකුනු වන්නේ
යුවතිය නොවුන ඇය හා බල්ලා යන්නේ

වමතේ ඇගේ බෝතලයක් වතුරෙන් පිරි ඇත්තේ
දෙපසක ගස් වලට ජලයත් බල්ලා දෙනු ඇත්තේ 

සයිබර් චණ්ඩි,


වඳනින්,

ඩිජිටල්
තිරයෙ
ගුගුරති
හොල්ලති

සිරුරෙන්,

සැබෑවට

රන් කැකුළී


රන්වන් රන් රන්වන් රන් රන් කැකුළී
රන් පාටට රුව බැබළෙන රන් කැකුළී
සුවඳ හමන සුවඳ මලකි රන් කැකුළී
සුවඳ දැනී බඹරු සොයති රන් කැකුළී

ඉමක් නැතුව සුවඳ හැමූ දසන්තයේ
ඒ සුවඳට එයි බඹරුන් දිගන්තයේ
සුපිපෙන්නට වෙර දරනා වසන්තයේ

පෙරුමන් පිරුවෙමි
විඳිනට සඳ කිරණ
පැතුම් පැතුවෙමි
ලබනට සඳ සිසිළ

සැදී පැහැදී උනිමි
පිපෙන්නට රැයක සඳ ඇති
ඉඳින් මම පිපුනෙමි
මහ රැයක මැදියමේ

මං ආසයි


මහසෝනා හට කියලා මගෙ රෙදි ටික හෝදගන්න
ඔඩ්ඩි මස්සිනා ගෙනවිත් මගෙ කෑම උයාගන්න
රැට නිදාගන්නාවිට නැලවිලි ගීයක් කියන්න
කළු කුමාරයා ඉන්නවා හිස මාගේ අත ගාන්න

කළු කුමාරයාගේ ආදරේ වැඩි උනාම එක දවසක
ගිලිනවාලු මාව ඔන්න මාළු පැටවූ හිලින ලෙසක

ජිවිත ශක්තිමත් පිටුව


ජිවිත කදුලැල් හෝරාව පසු වෙමින් ....
සිත දුක් රාවෙන් වැලපෙමින් ....
පොපියපු සතුටක් නැති මතු දිනෙන් .....
නුබේ සිත රිදෙන බව මට සිතේ ......

පහනක් දැල් වෙමින් තිබිලා ..........
සුළගක් හැමුවලු දැලි විහිදා ....
එහෙත් පහන සැමදා ....
නොනිමෙන පහනක් වුවා ......

සියොතුන්ගේ විල නුබ නම් ....
සියොතුන් සැමදා දිය පොද විදි නම් ...

බත් ගස


බත් ගස
දෙනෝ දහසකට සෙවන සලසා
ලොවේ සැමට ඵලය බෙදුවා
මිනිස් සතුන ගේ කුසය පුරවා
අද ඔබ නිහඩව නිසලව ඉන්නා

මැල්ලුමකට කොලටික ගෙඩි ටික දුන්නා
රස කරකර බුදින්නට ඔබේ දරුපැටුන් දුන්නා
හිත සතුටින් සැමටම උපකාරය කෙරුවා
අද තනියම ඔබ අවසන් ගමනේ යන්නා

උස් මිටිකම් නොබලා
ජාති ආගම් නොබලා
සැමට සෙත සලසා
සිටියා පොලෝ තලයේ 

මගේ හිරු සදු


මගෙ ලොවට හිරු වගේ නුඹ මට
නොමැති විට මගෙ සුසුම් ගොලු වෙත...
රැයේ නුඹ ළග නොමැති මගෙ ලොව
සදේ කැලුමන් දැනේ හද වෙත......

මගේ හිරුගෙන් ගෙනෙන රශ්මිය...
සදට සිසිලක් එක් කරන්නේ...
සද කැලුම් මට ගෙනෙන උණුසුම
නිසා සද වෙත පෙම් බදින්නේ...

උදේ සිට හිරු රශ්මියෙන් ගත
දැවී දහදිය ගත පුරා...

ගබ්සාව


වසාගත් දෙනෙතින් යුතුව
තුලාව සමබරකරන්නට
වෙහෙසෙන අතරේ
උහු මා නිරුවත් කොට
මා ගත රැඳුනු සළුවෙන්
මැරයින්ගේ විලි වැසූහ.

ඉනික්බිතිව උන්
දෙනෝදාහක් ඉදිරියේ
විමානයේ පියගැටපෙළ මතදීම
මා දූෂණයකරන කළහ.
මාගේ සරණ පැතූ උන්ද

අපේ අරුමැසි සෙනේ


සඳ රුවින් බබළන පොහෝ දිනයක 
පරන පැතුමන් සිහිවෙලා
බෝ මළුවේ බෝ සමිඳු අබියස
සෙනෙහසින් අප ළං වුණා

පැතුම් පැතුවා අප දෙදෙන ඒ
බෝ සමිඳුන්ට සුදු මල් පුදා
ඉරුත් සඳු තරු ඇති තුරාවටම
එක්ව ඉන්නට ළං වෙලා

ඒ සඳු හිරු තරු ද එක්වී
අපේ දෛවය ලියා දුන්නා
වෙනත් බවයක මුණගැසෙමු අපි
මෙ ලෙසින් වෙන්වී නොයන්නට

සැමියෙකුගේ දස සිල්


දිරි ඇති කලට අගනුන්ගෙන් අඩු නැතුව
සරි කල දිවි මගක් ගතවිය සවි ඇතුව
හරි හැටි හදුනගෙන කිසි අඩුවක් නැතුව
සරි ලන බිරිද හිමිවිය මට මා පැතුව

කලක් ඇවෑමෙන් අප හට තුති දෙමින
දු වරු දෙපලකුත් පුතකුත් ඇත හිමින
උගත් කමත් යහපත් ගතිගුණ දෙමින
ඔවුන් වැඩුනේ අප දෙදෙනා බෝ පෙමින

දරු තිදෙනාගෙ විවාහයන් හිතු ලෙසට
බොහෝ ජයට කරවිය අප පැතු ලෙසට

සුරංගනා කතාවක් 02


එකමත් එක රටක උන්නු පිස්සු පහේ පොඩි කෙල්ලෙක්
හිනා නෑලු කතා නෑලු වගේලු ඇය ඔලු බක්කෙක්
එක දවසක් හරි ලස්සන සුරංගනා ලෝ වැස්සෙක්
ඇයට ගෙනත් දුන්නලු එක නාඩි වැටෙන බෝනික්කෙක්

ඇස් දෙක හෙම කරක කරක ඔහු කියවන හැටි සද්දෙන්
ආදරයෙන් ලඟට ඇවිත් හුරතල් වෙයි ඒ අස්සෙන්
ඇය අඬද්දි සතුට අරන් දුවගෙන එන හැටි පස්සෙන්
හිමින් සැරේ ආදරේට තට්ටු කළා ඇය කොස්සෙන්

බෝනික්කා දුවපි නැතෑ පැනලා ගෙයි එළිපත්තෙන්

අහෝ ප්‍රේමය


තක්සලාවේදී දැන හැඳිනුමෙන්
කාලයාගේ ඇවෑමෙන්
ඔබ හා මා අතර උපන්
ප්‍රේමය!!!!

දහසකුත් බාදක ගල් පර මැද
ගලන නදියක් මෙන් ගොස්
අවසන අප එක්තැන් කල
ප්‍රෙමය!!!!

කාලය පියඹා ගොසින්
අපට දි දරුවන්

පෙම් පුවතක අවසානය


උණු කඳුලින් දිය වී යන
පෙම් පුවතක අවසානය
මගේ දෙනතින් ගලාන ගිය
කඳුළු බින්දු ගංගාවේ
නුඹේ නම මිමිනෙයි සිහිනෙන්
මේ ගනදුරු අන්දකාරේ
අවනත නැතිය සිත මෙමට
ආදරය ඉල්ලා හඬන
ජීවිතය පන ගන්න
වාරු දුන් ආදරය

ලතැවිල්ල,


අදුරු මගේ හද තුල
ආලෝකයක් කිසි කලක නැත
දහසක් දනන් විත්
පහන නොදල්වා
තෙල් පමණක් දමා යති...
පහන දැල්වූ කළ
තෙල් දමන්නට අය නැත..

කිරි කැටි සුවදද දැනෙයි
කිරි කැටි හඩනවා ඇසෙයි
හද වාව ගත නොහැකියි
කරුමයකි....

සඳකඩපහණ සහ ඔහු


ගල්කටුව සහ
මිටිය ගෙන
අධ්‍යාත්මය මුසු කොට ඊට - එහි ගැඹුරට
හදවතක් සේ ඉසියුම්
ධර්මයක් සේ ඉසියුම්
සඳකඩපහණක්
නෙළීය වඩු.
මදක් ඈත් වී බලා
ඒ දෙස
සිතීය ඔහු,
"කුණු කයක් සේ කැතය
දිරූ ඇටසැකිල්ලක් සේ කැතය
මා නෙළූ සඳකඩපහණ"

වේදනාවෙන් මිරිකී
මළේය ඔහු

කාට කියන්නද ඇය මේ දුක


නෙලන්නට පරසතු හීන ඇහිදින්නට ඇඟිලි ගැන්නී - නුඹ නොවෙද දදසර වුනී
තනන්නට වියනක් අඹරම වසන්නට හිතේ ඇන්දී - නුඹ නොවෙද දිගැසිය වුනී
හිතන්නට හිත ඉඩ නොදෙන්නට ඈ ළඟ ළඟින් රැන්දී - නුඹ නොවෙද හිතැතිය වුනී
පුදන්නට පුද පඬුරු අහිමිව හඬා කඳුළැලි මැන්නී - නුඹ නොවෙද දැස්සිය වුනී ......

තව්තිසාවේ සුදම් සබ වැඩි දෙව් බඹුන්නේ
උණු නොවී ඇත අනේ තව ශක දෙව් ආසනේ
අසාපන් දේව අයැදුම ලසොවින් ගයන්නේ
තැනූ දෙවොළට පා තබනු බැරිවයි හඬන්නේ.....

මවුනි, පියාණනි


අප්පච්චියි මහා පොළොව, ජීවිත බර දරා ගන්න
අම්මේ නුඹ පහන් තරුව, යා යුතු මග කියා දුන්න
මුරගල් වී මගෙ දිවියට, සැමදාමත් මා සුරකින
මහ සෙවණකි, සැඩ හිරු රැස් මගෙ සිරසට වහන් කරන

බොර දිය රැඳි මඩ වගුරක නෙළුම් මලක් වී පිපෙන්න
නෙළුම් පතක පිණි විලසට , නොහොඳ නරක ඉවතලන්න
ජීවන මඟ පිය මනින්න හැමදාමත් දිරිය දුන්න
උපදින මතු හැම බවයක, ඔබ දෙදෙනා මගේ වෙන්න

බවයට පෙර, මෙත් බුදු රජු දැක පැහැදී නිවන් දකින

එනවාද නෙතු අගට


බිලිඳිය අතැර ගියෙන්
නැගුනු කඳුලක් නෙත් අගට
පිසලන්න නිරතුරුව
සිටියා ලඟින්ම
නුඹ ,,,,,,,,,,,,,

අතැර නොගියත් නුඹ
තාවකාලික දුරස් බව
ආයෙමත් එක් කළා
කෙවෙනි අග කඳුළු කැට,,

නැගුන ඒ කඳුළු කැට

ජිවන පාර


මේ ජිවන ගමන පුරා .......
දුක් කම්කටොළු මැදින් මා .....
පිය නගන අඩි පාරෙන් ...
සැමදා ඉදිරියටම යන්නේ ....

යන මග හරහා කටු පදුරු බහුලමුත් ...
ඇනුනත් නොනැවතී ඉදිරියටම...
යන ගමන යන්නට යමි මම ......
පෙරමග බලා අද .....

නැ සැලුනේ කිසිදා ..
කුදුලු බින්දු නැත මාගේ ඇස් අග
ඉපදුනු ලක් පොළොවේ ....

සුන්දර මතක


පුංචිම පුංචි කාලේ - අදත් හීනයක් වගේ ..........මතුවෙන
හරිම සුන්දර එලෙසින්ම පිවිතුරැ හැබෑම ආදරයක් .තිබුනා
මල්වගේ ලස්සන ඒ වාගේම සිනිදුවට .................දැවටුන
අදත් ඉඳහිටක මතුවී හීනයක දවටන කඳුලක්ය ඒ ..මතක

පොත් අරන් පන් මල්ලක කම්මැලිකමට බැනුම්ද ....අසාගෙන
බොරලුපාරේ දුවන යාලුවන්ට මැදි වී මග බලන හැම උදේකම
හීතලේ හිමිදිරි පාන්දර කෝලවී හරි කෙලින් ..........නොබලන
අදත් මුලු හදවතම ආදරෙන් උතුරැවන කඳුලක්ය ........ඒ මතක

සාමා අමර නයනා පමනක්ම හරි පුවත දැන සිටි ඒ ..............දවස්වල

ෆැක්ටරි ගොයම් කවි


සුපවයිසර් අණ දුම් මතුවන්නේ
කොයියම් අයගෙත් ඇස් දෙක දන්නේ
සිෆ්ට් එක මැද ඉඳ සිහින මහන්නේ
ඕෆ් එකට ගම මතක් කරන්නේ !

රන් ඉඳිකටු ගෙන නිති සැරසෙනවා
රන් පාටට වියු සළු දිලිසෙනවා
ඒ සළු ඇඳගෙන දෙවියො සිටිනවා !
කටුනායක අපි ඇඳුම් මහනවා

පැටළුණු දිවි නූල් හිමින් ලිහල්ලා
බස් එක මිස්වෙයි නෑනො වරෙල්ලා
ඕ.ටි.වලින් මෙදා වළලු ගනිල්ලා

බිදුණු සිහිණ


සිහිණ ලොවක් තැනුවා මා ලොවට හොරේන්
සුනු විසුනු වුනා එය මුලු හදවතම පෙලන්
කෙලෙස සිටින්නද ඔබ ලග මිතුරු වෙසින්
ගිනි ගෙන දැවෙයි මුලු හදවතම වියො දුකින්

ඔබටත් හොරා මම ඔබ හට පෙම් කෙරුවා
කියා ගන්න බැරි වුනු නිසා මා තනි වුවා
ඔබ දෙදෙනාගේ මිතු දම පෙම් දම වුවා
මා පිය සෙනෙහෙ මැද දෙදෙනම එක් වුවා

මල් ගොමු මැද


සිනහ මල් මැද .....
හඩන මල් දැක ....
නෙතට උනන කදුළු පොද ...
වැසි දිය සදා එය දනී ....

දුකට හඩන මල් ටික .....
සතුට නැතුව ඉදි විට ....
කුරිරු නියග එන බව .....
නිහඩ පස සදා එය දනී .....

මල් පැණි හිදුනු විට .....
මල් සොයන මි මැස්සන් ....
මල වෙත සදහට නොඑන බව ...

යකඩ යකාගේ වෙනස්වීමේ සත්‍ය කතාව


යකඩ කඩේ
යකඩයා
හෙණරාජ තෙල් ගාගෙන
කොණ්ඩේ පීරගෙන
ජීව උණ්ඩ සුරය
බෙල්ලෙ ලා ගෙන.

බයිට් කකා
සුරා බිබී
කොළඹ සිටින යකඩ යකා.
යකඩ කඩේ
යකඩයා.

ජන්ද කාලේ

විකුණුමට ඇත හදවතක්


ගිනි තියපු හදවතක්
විකුණුමට දමා ඇත
හැගීමක් නැති වුනත්
දැනීමට ඇස ඇරෙති....

පොසොන් සඳ ළග හිටපු
ඇහැල මහ අමතකව
කුම්බකර්ණය නිදි වැදපු
ප්‍රේමයෙන් හෙම්බත්ව....

වාරණත් කිසිත් නැති
රිසි පරිදි පරිහරණ හැකි
සුදුම කඩදහිය හිස්ම හිස්

‎ලබා ගමි මම ඔබව


ඇගේ මායාකාරි බැල්ම
සලිත කරයි මගේ සිරුර
අවනත නෑ මගෙ සිත
ඔබ හිමි වන තුරු මට

පිරිපුන් ඔබෙ සිරුර
දකින තුරු මගෙ දැස
විමසයි ඔබ කොහෙද
ඔබයි මගේ පෙම්බරිය

හිතට ඇවිත් තටු දාහක්


හිතට ඇවිත් තටු දාහක්
හදයි ඔන්න ඉගිල්ලෙන්න
කොහේ ගිහින් නතර වෙයිද
බැරි වෙයි මට හොයාගන්න
කරදර කරනවා හොඳටම
තව බෑ අල්ලාගෙන ඉන්න
ඕන් ඉතින් අත ඇරියා
ඕනෙ තැනක ගිහින් එන්න,,,

කදු යායේ


සිත සීත රෑ නිම්නේ .....
සද දිලිසෙමින් හොර රහසේ ......
ඈත කදු මුදුනින් හොරෙන් .....
පිනි වැසි දිය ඇද හැලුනේ .....

හඩ ඈත දුර නිම්නේ ......
දෙදරුම් දී රාවෙන් .....
සිසිලස මුදුනින් හොරෙන් .....
සිතල සුළගක් නෙත ගැටුනේ ....

ආදරේ


කන්ද කෙන්ද කරන් ඔයා මැවූ හීන බොඳ කලාට
නෙත් තුල කඳුලැලි පුරවන් දෙකපුල් කඳුලින් තෙමුවට
හදවත ගින්නෙන් පුරවන් ඒ ගින්නෙන් ඔබ දැවුනට
රත්තරනේ හැමදාමත් මංආදරේ කලේ ඔයාට

පුංචි පුංචි විහිළුවලට ඔබ සිත රිදවන් බොරුවට
මහා මෙරක් සිතට අරන් තරහ වෙලා ඒ මදිවට
හෙමින් හැමූ පවන් රොදත් සැඩ සුළගක් සේ සිතුවාට
රත්තරනේ හැමදාමත් මං ආදරේ කලේ ඔයාට

සැබෑ ලෙංගතුව _


කොහිල පාත්තිය ගාව
අම්මාද
අම්මා ළගක කොහිල පාත්තියද....

පුදුමාකාර නෑ කම් ඇති,
විටෙක ඇය සිනහවෙයි
තව දිනක කතා කරයි
හැමදාම අලුත් දල්ලක් නම් දෙනවාමය

පාට මැකුණු සුදු ගවුමට
අලුත් රෙදි මීටරයක් ගන්න
අඩිය ගෙවුන සපත්තු දෙකට
පැලැස්තරයක් දමන්න
අලුත් දල්ලක් දෙනවාමය

කින්නරාවිය තනිව


ඇසල සඳ මෝරා එන්න 
පටන් ගත් තැන සිට
කසල ගොඩ ළගක වැලලුව
ප්‍රේමයක් ඇත යටක....

අසල වැලපෙන කින්නරාවී
කිසිවෙකුත් නොදුටුව
සසල කර සිතින් ඇය
බලා උන්නා කිඳුරු පණ....

ඇවිද ගිය මඟ දිගට
ගල් බොරලු රළු 

මගේ හිරු සදු


මගෙ ලොවට හිරු වගේ නුඹ මට
නොමැති විට මගෙ සුසුම් ගොලු වෙත...
රැයේ නුඹ ළග නොමැති මගෙ ලොව
සදේ කැලුමන් දැනේ හද වෙත......

මගේ හිරුගෙන් ගෙනෙන රශ්මිය...
සදට සිසිලක් එක් කරන්නේ...
සද කැලුම් මට ගෙනෙන උණුසුම
නිසා සද වෙත පෙම් බදින්නේ...

උදේ සිට හිරු රශ්මියෙන් ගත
දැවී දහදිය ගත පුරා...

වැව


හෙමිහිට ලෙලෙන පලු පත් සිලි සිලිය දෙන 
හවසට ඉතින් සැනසුම ගස යටක මැන
තිබහට වැටුණ ගෙඩි දෙක තුන අහිද ගෙන
දිනකට නිමා ගස මුල ඇන තියාගෙන.....

දිනකර ඇවිත් අමදින විට වැව් පතුල
කණකර නැතත් දිලිසෙන විට ඈ කොමළ
තනිකර යන්නෙ කොහොමද ඒ වත කමල
කළුවර ළගට සඳවත නැලවෙයි තුරුළ.....

මල් සැණකෙළි


වැලි කතරට මල් මුවරද ගොඩ වැදුණු
බොරළු ගොඩට ලා නිල් දිය ඇද වැටුණු
ඉරි පොලවට වැහි බිදු එක දෙක වැටුණු
මග පෙන්නු ඔබ හෙවනැලි මට වැටුණු

රළු දළ කතරට මල් පිපිදෙන කුසුම් දැනේ
සැණකෙළි සිත් ගෙන මා හිත මටම දැනේ
ලොවට පෙනෙයි ආඩම්බර බවක් දැනේ
තනි කුසුමයි සිත් යයේ ඒ ඔබම බව දැනේ

සියදිවි නසාගැනීමක් නොවේ


රිදී කාසි සැලෙන හඩ
අමතක කරවමින්
සැලෙන ඔබේ නද
සැලෙන සිතුවිලි විල මවමින්ද
සාධිගත වෙමින්ද විටක
මා තිගස්සන ඔ‍බේ නිසල බව
මසිත රදවයි ගැබුරු භාවනාවක
හැපී ගල් කුල් මත
නොවී අවනත
අන් බසට
ස්ථිර අදිටනින්
එකම එක් අරමුනක් වෙත

මං ආසයි

ඔය දෑත් අපිරිසිදුලු
රතු ලෙයින් නැහැවිලු
හැමෝම කියනවා
දකින්නත් බයයිලු ,,,,,,,,,

ඔයා හරි නරකයිලු
භයානක මිනිහෙක්ලු
හැමෝම කියනවා
කතාවටත් බයයිලු ,,,,

අනේ ඒත් ,,,,,,,,

මගේ අප්පච්චි


ආදරයෙන් හිස අතගා මගේ අප්පච්චි 
දුන් ඔවදන් හැමදාමත් මට සිහිවෙච්චි
එදා ඔබේ ඇගේ පෙරලි හුරතල් වෙච්චි
මමයි ඔබේ නිතර දොඩන ඒ දෙමලිච්චි

මගේ වයසේ හැමදෙනාම දීග පලච්චි
කවදාවත් ඔයාට මම බරක් නොවෙච්චි
එහෙත් මාව බරක් කරන් මගේ අප්පච්චි
දීග දෙන්න හදන්නේ ඇයි මේ පොල්කිච්චි

මා ඉපදුන දා සිට ඔබ විදි දුක් ගොන්න

අම්මයි තාත්තයි


පියෙක් වී ඔහු සතුටු වෙන හැටි
දැනී මගේ හද කීරි ගෑවා
මගේ පිතු මා දැකපු විටදී
ඔහුද මේ ලෙස උදම් පාලා...

ඒත් තව ටික දිනක් යද්දී
මගේ පිතු මා ඇතැර දාලා
අනේ මගෙ මව් අඩා වැලපී
දෙවියන්ට මුලු දුකම කියලා...

මා නිසා ඇය දුක තුනී කර
මගේ මුලු බර කරට අරගෙන
ලොවේ පය ගා ඇවිද යන්නට

ලැබුවෙමි පිය පදවිය


රාජ තේජස වඩම්වාගෙන 
යෝධ බැම්මක් බන්ධවාගෙන
ඉරේ රැස් ටික ටික උරාගෙන
අනේ ආවා නුඹ අඬාගෙන....

මැදියමේ මහ ජරමරේ
අඩන විට ඇය කළුවරේ
හිතා ගන්නට බැරි කරේ
ඒ තරම් හද හිරකරේ.....

ගිලන් රථයක් හූ කියාගෙන
ආවෙ විගසින් ගේ හොයාගෙන

ඇයිද අන්ධව මං මුලාවක්


අවදියම මනකල්
වසත් කාලයම නම්
මන්ද ප්‍රේමය සිහි විකල්
තවම නොදනිම් මෙමං....

ගිරිහිසක් සිප එන නලක් ළග
නැලවුමක් තුසුමක් විදින
නිමවුමක් නම් ස්නේහයම
කරුමයක් වී ලොව කිමද.....

ගඟ දෙපස ඉවුරක උණුහුමක්
ලබයි ගං දිය සැනසුමක්
මව් පියන් දුන් පෙම කප්පරක් 

පදම බලා කවි ලියපන් අගෙයි හෙට

හෙළයෙ අකුරු ගෙන ලිවුවා පොතම දනී 
කඩ්ඩේ අකුරු හැරවුවා හිතම දනී
මඩේ සිටවු ලීය වගේ නුඹම වැනී
කවිය කුමට යමි යන්නට හිතක් දනී....

සකී නුඹයි ගේ දොරකඩ පිපෙන මල
මැකී නොයයි ඒ සිතුවම අඳින සෙල
හැරී ගිහින් සමා අරන් එයිද නල
නිවී පහන් වෙන කවියම නුඹම කළ... 

 

Sample text

Sample Text