Pages

Monday, July 2, 2012

බත් ගස


බත් ගස
දෙනෝ දහසකට සෙවන සලසා
ලොවේ සැමට ඵලය බෙදුවා
මිනිස් සතුන ගේ කුසය පුරවා
අද ඔබ නිහඩව නිසලව ඉන්නා

මැල්ලුමකට කොලටික ගෙඩි ටික දුන්නා
රස කරකර බුදින්නට ඔබේ දරුපැටුන් දුන්නා
හිත සතුටින් සැමටම උපකාරය කෙරුවා
අද තනියම ඔබ අවසන් ගමනේ යන්නා

උස් මිටිකම් නොබලා
ජාති ආගම් නොබලා
සැමට සෙත සලසා
සිටියා පොලෝ තලයේ 

රුදුරු මිනිසුන් එකතු වීලා
රැගෙන අව්දින් දරුණු අයුධා
දුන්නී පහර හිසට පළමුවා
ලේ ගලා බසින තුරුමා

දමා බෙල්ලට දිගැති කඹයක්
එකතු වී හතර පස්දෙනෙකුන්
අදී වැරයෙන් කකුල් කොටමින්
හඩ වැටුනයි මිහිමත ගමට කියමින්

එකතු වී බොහෝ පිරිසා
ඉරා දැමුවයි මගේ සිව්පසගා
තලා පොඩිකර ඔප දමාලා
හදා දම්මයි විවිධ රෑපා

මියගියත් මා
සලසා සෙත ඔබට
දිගුකල් වජබෙමි
ඹබේ නිවසටම වීලා

Prageeth Priyankara

No comments:

Post a Comment

 

Sample text

Sample Text