Pages

Monday, July 2, 2012

මගේ හිරු සදු


මගෙ ලොවට හිරු වගේ නුඹ මට
නොමැති විට මගෙ සුසුම් ගොලු වෙත...
රැයේ නුඹ ළග නොමැති මගෙ ලොව
සදේ කැලුමන් දැනේ හද වෙත......

මගේ හිරුගෙන් ගෙනෙන රශ්මිය...
සදට සිසිලක් එක් කරන්නේ...
සද කැලුම් මට ගෙනෙන උණුසුම
නිසා සද වෙත පෙම් බදින්නේ...

උදේ සිට හිරු රශ්මියෙන් ගත
දැවී දහදිය ගත පුරා...
රෑ සදේ ඇති සිසල මා වෙත
දැනී ගත සිත උතුරලා....

සද සිසිල විද ගන්න මා වෙත
දස දහස් තරු නෙක බලා...
ගොහින් මා ගැන තරු කියාවිද
මගෙ හිරුට එක හත වෙලා...

හිරුගෙ දැඩි බව නිසා මා වෙත
රශ්මියත් වැඩිපුර හෙලා...
මගේ දිවියම අමාවක කර
නීවී යාවිද හිරු සදා.......

Shashika Maduranga

No comments:

Post a Comment

 

Sample text

Sample Text