Pages

Monday, July 2, 2012

අපේ අරුමැසි සෙනේ


සඳ රුවින් බබළන පොහෝ දිනයක 
පරන පැතුමන් සිහිවෙලා
බෝ මළුවේ බෝ සමිඳු අබියස
සෙනෙහසින් අප ළං වුණා

පැතුම් පැතුවා අප දෙදෙන ඒ
බෝ සමිඳුන්ට සුදු මල් පුදා
ඉරුත් සඳු තරු ඇති තුරාවටම
එක්ව ඉන්නට ළං වෙලා

ඒ සඳු හිරු තරු ද එක්වී
අපේ දෛවය ලියා දුන්නා
වෙනත් බවයක මුණගැසෙමු අපි
මෙ ලෙසින් වෙන්වී නොයන්නට
හද පැතුම් සුන් බුන් නොවී

දැස් රිදුණත් ඔබෙ නමින්
එපා යළි මා මතක්වන්නට
මේ බවේ නම් කිසිම දවසක
කාලයේ වැලි තලාවෙන්
අපේ අරුමැසි සෙනේ වැසිලා
අමතකව යේවා ඔබෙ සිතෙන්

නොමැත තරහක් මේ හදේ
මල් පිපේවා ඔබේ ලොවේ...!!!

Chathurika Senarathna

No comments:

Post a Comment

 

Sample text

Sample Text