Pages

Monday, July 2, 2012

සැමියෙකුගේ දස සිල්


දිරි ඇති කලට අගනුන්ගෙන් අඩු නැතුව
සරි කල දිවි මගක් ගතවිය සවි ඇතුව
හරි හැටි හදුනගෙන කිසි අඩුවක් නැතුව
සරි ලන බිරිද හිමිවිය මට මා පැතුව

කලක් ඇවෑමෙන් අප හට තුති දෙමින
දු වරු දෙපලකුත් පුතකුත් ඇත හිමින
උගත් කමත් යහපත් ගතිගුණ දෙමින
ඔවුන් වැඩුනේ අප දෙදෙනා බෝ පෙමින

දරු තිදෙනාගෙ විවාහයන් හිතු ලෙසට
බොහෝ ජයට කරවිය අප පැතු ලෙසට
එවන් සතුටු සාගරයක උන් මහට
බිරිදගේ වියෝවෙන් වැටුනේ සිත දුකට

ඇගේ වියෝවෙන් සසරම කල කිරුණි
මගේ සියළු යුතුකම් නොඅඩුව කෙරුණි
මෙලොවට වඩා නිවනට මගේ සිත හැරුණි
දස සිල් රකින්නට සසුනට සිත යෙදුනි

Shelma Jenifer

No comments:

Post a Comment

 

Sample text

Sample Text