Pages

Monday, July 2, 2012

සුරංගනා කතාවක් 02


එකමත් එක රටක උන්නු පිස්සු පහේ පොඩි කෙල්ලෙක්
හිනා නෑලු කතා නෑලු වගේලු ඇය ඔලු බක්කෙක්
එක දවසක් හරි ලස්සන සුරංගනා ලෝ වැස්සෙක්
ඇයට ගෙනත් දුන්නලු එක නාඩි වැටෙන බෝනික්කෙක්

ඇස් දෙක හෙම කරක කරක ඔහු කියවන හැටි සද්දෙන්
ආදරයෙන් ලඟට ඇවිත් හුරතල් වෙයි ඒ අස්සෙන්
ඇය අඬද්දි සතුට අරන් දුවගෙන එන හැටි පස්සෙන්
හිමින් සැරේ ආදරේට තට්ටු කළා ඇය කොස්සෙන්

බෝනික්කා දුවපි නැතෑ පැනලා ගෙයි එළිපත්තෙන්
කෙල්ලත් අත ඇරියෙම නෑ දිවුවා හනිකට පස්සෙන්
මල්ලි කෙනෙක් ආවලු එලියට බෝනික්කගේ අස්සෙන්
කොයි කාගෙත් නංගි උනා අක්කෙක් අවුරුදු විස්සෙන්

Sudanthi Anuruddhika

No comments:

Post a Comment

 

Sample text

Sample Text