skip to main |
skip to sidebar
සරසවියේ පෙම
හිනාමල් වැස්සේ
පොඩි කුඩයක් යට
පටු මාවතක
ඇවිද ගිය හැටි...
කෝඩයක් වන
සිහිල් පිණි බිඳු
ඇවිත් අප හා
මුකුළු කල හැටි..
ඔබේ දිගු නෙතු
අතර මා නෙතු
සිර කරන් අපි
ඇන්ද සිතුවිලි...
මදහසක් මුව
රඳවගෙන ඔබ
මගේ පසෙකින්
ගමන් කල හැටි...
වැතිර මල් මත
පොළොව සිපගෙන
ආදරෙන් හිත
පිරිමැදපු හැටි..
අදත් සිහිවෙයි
දකිනවිට මට
සරසවියේ අපි
පෙම් කරපු හැටි.
No comments:
Post a Comment